වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිවන් ඔහු සඳහන් කළේ, වැටුප වැඩිවීමට පෙර පැවතියේ කිලෝ 20ක ප්‍රමාණයක් බවය.
“වතු සේවක වැටුප සම්බන්ධයෙන් ආණ්ඩුව කියලා තියෙනවා රුපියල් 400ක් දෙන්න කියලා. මේ මාසේ 10 වෙනිදා තමයි ඒක හම්බෙන්නේ. නමුත් පඩි වැඩිකරන්න කියපු ගමන් කොම්පැනි කට්ටිය දැන් කිලෝ 20ක් ගත්ත කට්ටිය 25ක් ගෙන්න කියනවා. වත්තේ කළමණාකරුවන්ට ඕන විදිහට වත්තේ වැඩ නතර කරනවා. අද මස්කෙළියේ වත්තක 7 දෙනෙකුගේ වැඩ නතරකලා. වැඩ නතර කරපුවාම කොහොද ජීවත් වෙන්නේ ඒ අය. ඒ නිසා මම ආණ්ඩුවට කියන්න කැමතී වහාම මේ කොම්පැනි එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙන්න. එහෙම නැතිනම් අපිත් එකක් තරහා වෙන්න එපා අපි වෘත්තීය සමිති එකතු කරගෙන අපි උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. වැඩවර්ජන පටන් ගන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. අපි බලයේ ඉන්නකොට මේ වගේ කම්පැනිකාරයේ නැටුවේ නැහැ. කම්පැනිවලට හොඳ ලාභ තියෙනවා. කම්පැනිකාරයෝ බොරු කියන්නේ. ලාභ නැත්නම් කම්පැනි දීලා යන්න පුළුවන්නේ. ඒ බොරුව කරන්නේ. හැමතිස්සෙම ලාභ විතරයි බලන්නේ.”
Saru News










