වකුගඩු වල ගල් යනු මොනවාද ? ඒවා වළක්වා ගැනීමට ගතයුතු ආහාර මොනවාද?

0
13


වකුගඩු වල ගල් (kidney stones/ renal calculi/ nephrolithiasis) කියන්නෙ අපි බොහෝ දෙනෙක්ට අහල පුරුදු සෞඛ්‍ය ගැටළුවක්නෙ. 

ඔන්න අද අපි සූදානම් වෙන්නෙ වකුගඩු වල ගල් කියල හඳුන්වන්නෙ මොනවගේ තත්වයක්ද? එවැනි තත්වයන් ඇතිවූ විට අපේ ආහාර රටාව වෙනස්කර ගත යුත්තේ කෙසේද කියල ඔබව දැනුවත් කරන්නයි. 

හොඳයි, මුලින්ම අපි බලමු, වකුගඩු වල ගල් කියල හඳුන්වන්නෙ මොනවගේ තත්වයක්ද කියල?

වකුගඩු වල ගල් යනු මොනවාද?

අපි සමාන්‍ය ව්‍යවහාරයේදී වකුගඩු ගල් කියල හැඳින්වුවත් මේ තත්වය වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා මුත්‍ර මාර්ගයේ ඕනෑම ස්ථානයක ඇතිවීමේ අවදානමක් තියෙන බව ඔබ මුලින්ම දැනුවත් වී සිටිය යුතුමයි. 

ආහාර පාලනය,

සිරුරේ අධික බර,

සමහර රෝග තත්වයන් සහ

ඇතැම් ආහාර අතිරේක සහ ඖෂධ වර්ග නිසා වකුගඩු වල ගල් ඇතිවීමේ අවදානමක් පවතින බවයි පර්‍යේෂකනයන් පෙන්වා දෙනනේ. 

සාමාන්‍යයෙන්, ඛණිජ සහ ලවණ එකතු වුන ස්ඵටික ආකාරයේ තැම්පතු වකුගඩු ගල් කියල හැඳින්වුනත් වකුගඩු ගල් ඇතිවෙන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. ප්‍රෝටීන පරිවෘත්තීයේ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන යූරික් අම්ලය තැම්පත් වීමෙන් වගේම මුත්‍රා වල ඇති ඔක්සලේට් පොස්පරස් වැනි රසායනික ද්‍රව්‍ය කැල්සියම් සමඟ එකතු වීමෙන් ඇතිවන ස්ඵටික තැම්පත් වීමුත් ඒ අතරින් ප්‍රධානයි. 

ඔබේ මුත්‍රා මාර්ගය ඝන ද්‍රව්‍ය බැහැර කිරීමට නිර්මාණය කර නොමැති නිසා වකුගඩු වල ගල් ඇතිවීම වේදනාකාරී වීම පුදුමයට කාරණාවක් නම් නෙමෙයි. 

ඒ නිසා දැන් අපි බලමු වකුගඩු වල ගල් වැනි තත්වයන් හඳුනාගන්න අපිට උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවද කියල. 

රෝග ලක්ෂණ 

සාමාන්‍යයෙන් මේ ස්ඵටික වකුගඩුව තුළ චලනය වීම හෝ මුත්‍ර මාර්ගයට ඇතුළු වීම සිදුවෙන තෙක් රෝග ලක්ෂණ ඇතිවීම සිදුවෙන්නෙ නෑ. 

නමුත් වකුගඩු ගලක්, මුත්‍ර මාර්ගය තුළ තැම්පත් වූවොත් එය මුත්‍ර පිටවීම අවහිර වී වකුගඩු ඉදිමීමටත් මුත්‍රා පිටවන විට දැඩි අපහසුතා ඇතිකරන්නත් හේතු වෙන්න පුළුවන්. 

ඒ අවස්ථාවේදී, 

ඉළ ඇටයට පහළින් සහ පිටුපස දකුණු පසට සමීපව දැඩි වේදනාවක්,

පහළ උදරය සහ ඉණ ආශ්‍රිතව ඇතිවෙන වේදනාවක්,

මුත්‍රා කිරීමේදී ඇතිවෙන වේදනාවක් හෝ දැවිල්ලක් වගේම

රෝස, රතු හෝ දුඹුරු පැහැයෙන් යුතු මුත්‍රා,

දැඩි දුර්ගන්ධයකින් යුතු වළාකුළු වැනි පෙණ ස්වභාවයක් සහිත මුත්‍රා,

ඔක්කාරය සහ වමනය වගේම වෙනදාට වඩා වැඩි වාර ගණනක් කුඩා ප්‍රමාණවලින් නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවීමත් දකින්න ලැබෙනවා. 

මේ වේදනාවන් ඔබට දැනෙනව නම්, ඉතාම ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

හොඳයි, දැන් අපි බලමු වකුගඩු රෝගී තත්වයන් වලදී අපි අපේ ආහාර රටාව වෙනස් කරගන්න ඕනෙ කොහොමද කියල.

ආහාර රටාව

වකුගඩු වල ගල් ඇතිවීමේ තත්වය හඳුනාගත්තාට පසුව ඔබේ ආහාර රටාව වෙනස් කල යුතු ආකාරය පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. 

ඔබේ වකුගඩු වල ගල් ඇතිවී ඇති ස්වභාවය අනුව එකිනෙකට වෙනස් ආහාර රටාවක් අනුගමනය කරන්න ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබීම බොහෝ විට සිදුවෙන්න පුළුවන්. 

නමුත් වැඩිපුර ජලය පානය කිරීම මඟින් ශරීරය සජලනය කර ගැනීම, 

ලෙමන්, දොඩම්, මිදි යුෂ වැනි විටමින් C අඩංගු ආහාර වැඩිපුර ගැනීම, 

හොඳ කැල්සියම්/ විටමින් D ප්‍රතිශතයක් ආහාර වේලට එකතු කර ගැනීම, 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here