වක්ෆ් සංශෝධන පනත (Waqf law) සම්බන්ධයෙන් පාකිස්තානය කළ අදහස් “අභිප්‍රේරිත සහ පදනම් විරහිත” ලෙස ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වක්ෆ් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාකිස්තානය කළ අදහස් සම්බන්ධයෙන් මාධ්‍ය විමසීම්වලට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාවට අයත් අභ්‍යන්තර කාරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පාකිස්තානයට කිසිදු අයිතියක් නොමැති බවයි.
“ඉන්දීය පාර්ලිමේන්තුව විසින් පනවන ලද වක්ෆ් සංශෝධන පනත සම්බන්ධයෙන් පාකිස්තානය කළ අභිප්‍රේරිත සහ පදනම් විරහිත අදහස් අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ඉන්දියාවට අභ්‍යන්තර කාරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පාකිස්තානයට කිසිදු අයිතියක් නැත. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අන් අයට දේශනා කිරීම වෙනුවට තමන්ගේම අගාධ වාර්තාව දෙස බැලීම පාකිස්තානයට වඩා හොඳයි..” යනුවෙන් ජයිස්වාල් ප්‍රකාශ කළා.
අයවැය සැසිවාරයේ දී පාර්ලිමේන්තුව විසින් වක්ෆ් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරන ලද අතර පසුව ජනාධිපති ද්‍රෞපදි මුර්මු විසින් එයට අනුමැතිය ලබාදෙනු ලැබුවා.
වක්ෆ් පනත මගින් වක්ෆ් මණ්ඩලවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ වක්ෆ් වාර්තා කළමනාකරණය කිරීමේ දී තාක්ෂණයේ කාර්යභාරය වැඩි කිරීම අරමුණු කරනු ඇති.
Saru FM Media