ලෝකයේ වැඩිම නිවාස මිල කොළඹ

0
4

ලෝකයේ නිවාස මිල ඉහළම නගරයක් බවට කොළඹ නගරය පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත කියා සිටී.

මෙරට ගොඩනැගිලි අමුද්‍රව්‍යවල මිල ගණන් කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂව ඉහළ මිලක පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව සෙසු රටවලට සාපේක්‍ෂව සිමෙන්ති මිල ශ්‍රී ලංකාවේ 45% ක ඉහළ මට්ටමක පවතින බවත්, යකඩ මිලද වෙනත් රටවල් කිහිපයකට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ 75% කින් වැඩි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට පවතින බදු ක්‍රමය බවද ඔහු අවධාරණය කර සිටී.

ඒ අනුව පවතින බදු ක්‍රමය පිළිබද රජය අවධානය යොමු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සහන සැලසීම මගින් ආර්ථික ක්‍රියාකාරිත්වයේ වර්ධනයක් අත්කර ගත හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here