ලෝකයේ මිල අධිකකම පාවහන් සන්නාම

0
10


පාවහන් කියන්නේ කෙනෙක්ගේ විලාසිතාවට වගේම  පෞරුෂත්වයටත් බලපාන කාරණාවක්. කොයිතරම් හැඩට තිබුණත් ඔබ තෝරගන්න පාවහ සුවපහසු නැත්නම් ඒකෙන් වෙන්නේ ඔබේ පෞරුෂය බිඳ වැටෙන එක. ඒ නිසා තමයි ප්‍රකට පාවහන් නිර්මාණකරුවෙක් වෙන Christian Louboutin කියලා තියෙන්නේ “පාවහන් කියන්නේ ඇවිදින්න පාවිච්චි කරන මෙවලමකට වඩා වැඩි යමක්” කියලා. ඒ නිසාම අද අපි කතා කරන්නේ, ලෝකයේ වඩා මිල අධිකම පාවහන් සන්නාමයන් ගැන. 

Stuart Weitzman කියන්නේ 1986 දී එලිදැක්වුණ බ්‍රෑන්ඩ් එකක්. වඩා සුවපහසු, විලාසිතාවලින් සපිරුණු ඉහළ ගුණාත්මක පාවහන් මේ සන්නාමය යටතේ තියෙන සැකසෙනවා. පහුගිය අවුරුදු වල නිකුත් වුන වඩා මිල අධික පාවහන් සියල්ලම වගේ මේ සන්නාමය යටතට තමයි වැටෙන්නේ. සාමාන්‍ය බිලියනපතියන්ට පවා මිලදී ගැනීම අපහසු මේ Stuart Weitzman සන්නාමය යටතේ තියෙන පාවහන් මාදිලි කිහිපයක මිල ගණන් මෙහෙමයි.

පාවහන් වලට අමතරව අත් බෑග සහ විලාසිතා ආභරණත් මේ සන්නාමය යටතේ එළිදැක්වෙනවා. ඒ සියල්ලමත් ඉතා ඉහළ වටිනාකම් වලට අදාලයි. හැබැයි මේ සන්නාමය යටතට එන පාවහන් බොහෝමයක් වගේ මහත්මාවරුන් වෙනුවෙන් තමයි එළිදැක්වෙන්නේ. 2010 දී නිකුත් කරපු මේ බ්‍රෑන්ඩ් එකේ පාවහන් මතුපිට තියෙන්නේ ඉටිමය ස්වරූපයක්. කිඹුල් සම මේ සඳහා යොදාගනා බවත්,  පාවහන් සකස් කිරීම යන්ත්‍රානුසාරයෙන් නොවී සම්පූර්ණයෙන්ම දෑතින් සිදුවන බවත් කියැවෙනවා. වින්ටේජ් පෙනුමට වඩාත් නැඹුරු වෙන විදියට, මෘදු ලිනන් ලයිනින් ,සංකීර්ණව පැතිරුණු මැහුම්වගේම අතින් පින්තාරු කරන ලෙදර් පතුල මේ පාවහන් වල පෙනුම සහ වටිනාකම තව වැඩි කරනවා. දැනට Loui Vuitton පාවහන් වල වෙළඳපොල වටිනාකම ඩොලර් 10,000ක්.

මේ පාවහන් සන්නාමය නිපදවන්නේ, Manolo Blahnik කියන විලාසිතා නිර්මාණකරුවා. කිහිප වතාවකදීම  නවෝත්පාදක සහ නිර්මාණශීලි පාවහන් සඳහා වන සම්මාන දිනාගන්න Manolo Blahnik  සන්නාමය සමත්වෙලා තියෙනවා. කොහොම වුනත්, මේ සන්නාමය සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය වලට එරෙහිව සත්ව අයිතිවාසිකම් පිළිබඳව ඉන්න  ක්‍රියාකාරීන් කිහිපවතාවක්ම  අරගල කරලා තියෙන බවත් කියැවෙනවා. ඇප්ලිකේඩ් කටුස්සන් සහ කොළ විශේෂ පාවිච්චි කරලා නිපදවලා තියෙන Lagrata කියන මාදිලිය තමයි මේ Manola Blahnik සන්නාමය යටතේ ඉහළම මිල වටිනාකමල් වාර්තා කරන්නේ. ඒ ඩොලර් 7675ක්.

1992 දී Miuccia Prada  කියන පුද්ගලයා තමයි මේ Miu Miu කියන සන්නාමය නිකුත් කරන්නේ. ඉහළ ගුණාත්මක ඇඳුම් සහ විලාසිතා ආභරණ ත් මේ සන්නාමයට අයිති වෙනවා . මිනිමලිස්ට් කියම සංකල්පය එක්ක සැකසෙන මේ සන්නාමයේ පාවහන් miu miu අත් බෑග් වලටත් ගැලපෙනම විදියට තමයි සකස් වෙලා තියෙන්නේ. ඩොලර් 2745 ක වටිනාකමක් තියෙන වෙල්වට් වලින් කපපු, දියමන්ති වලින් අලංකාර කරපු mesh sneakers තමයි දැනට මේ සන්නාමය යටතේ වැඩිම වටිනාකමක් තියෙන මාදිලිය.

1921 ඉඳන් වෙළඳපොල ආක්‍රමණය කරපු Gussi සන්නාමයත් පාවහන් වලට අමතරව අත්බෑග්, ආභරණ වගේම රූපලාවණ්‍යය ද්‍රව්‍ය වලටත් ප්‍රසිද්ධයි. කාන්තා වගේම පිරිමි පාවහන් ද්විත්වයම මේ සන්නාමය යටතේ නිපැයෙනවා. අපි කලින් කීව සන්නාම වලට වඩා ලෝකය පුරාම යම් පැතිරීමක් තියාගන්න Gussi සන්නාමයට හැකිවෙලා තියෙනවා. ඒ අතිශය මිල අධික පාවහන් වගේම යම් ආර්ථික මට්ටමක අයට වුණත් මිලයට ගන්න පුලුවන් සීමාවට ඔවුන්ගේ පාවහම් මාදිලි තිබීම නිසා.  ඩොලර් 3500ක වටිනාකම තියෙම python Horsebit Knee Bot  කියන මාදිලිය Gussi සන්නාමය යටතේ ඉහලම මිල වටිනාමක් තියෙන පාවහන් වර්ගය විදියට වාර්තා වෙනවා.

මේ සන්නාමයත් නාම වෙලා තියෙන්නේ ඒක නිර්මාණය කරපු ඇලෙසැන්ඩර් කියන නිර්මාණවේදීයා නමින්.  දැනට Alexander McQueen සන්නාමයෙහි ප්‍රධානියා වෙන්නේ Sara burton. ඩොලර් 3500 ක වටිනාකමක් තියෙන hobnail Ankle Boots මාදිලිය තමයි Alexander සන්නාමය යටතේ වඩා ඉහල වටිනාකමක් තියෙන පාවහන් මාදිලිය.

මේ සන්නාමය ප්‍රංශ සුඛෝපභෝගී සන්නාමයක්. ඉහළ පිළිගැනීමක් තියෙන පාවහන් නිර්මාණකරුවෙක් වෙන Christian වෙනුවෙන් මේ සන්නාමය නම් කරලා තියෙන බව කියැවෙනවා. ඩොලර් 3000 මිලකට වැටෙන sexy strass මාදිලිය සහ ඩොලර් 2495 කට වැටෙන Azimuth Leather Caged Bootie මාදිලිය Christian Louboutin සන්නාමය යටතේ වඩා ප්‍රසිද්ද මාදිලි දෙක විදියට වර්ගීකරණ ලැයිස්තු වල පෙන්නවා.

මීට අමතරව jimmy choo, Testoni, Brian Atwood, Walter Steiger, Nike, වගේ පාවහන්  සන්නාමත් වඩා මිල අධික පාවහන් සන්නාම යටතේ 2023 වසරේත් ඉහලින්ම ඉන්නවා.

| අපේක්ෂා ගුණරත්න | 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here