ලොව ධනවත්ම යුවළවල් 07

0
14


විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ ජනප්‍රියත්වයට සහ ප්‍රසිද්ධත්වයට පත්වෙනවනෙ. 

ඔන්න ඉතිං අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ විදිහෙ ගොඩක් ආකර්ෂණීය මාතෘකාවක් ඔස්සෙ ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට වගේම අවධානයට ලක්වුණු පිරිසක් ගැනයි. 

ඒ තමයි තමන් සතු ධනය නිසා වැජඹෙම ලොව වැඩිපුරම ධනවත් යුවළ 07 කවුද කියන කාරණාව. 

කවුද මේ ? 

ඔවුන් මේ තරම් ධනවත් වුනේ කොහොමද ?

හොයල බලන්න එකතු වෙන්න මේ ලිපියෙන් අපිත් එක්ක.

වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1

සල්මා හයෙක් කියන්නෙ මෙක්සිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු නිළියක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වගේම හිටපු සුපිරි නිරූපිකාවක්ද වෙනවා.

ඇය විවාහ වුනේ Kering (කෙරින්ග්) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) ෆ්‍රැන්කොයිස් හෙන්‍රි සමඟයි.

ඇය ගර්භණී සමයේ සිටින විට ඔවුන් සිය විවාහය පිළිබඳ ප්‍රසිද්ධත්වයට පත්කළ අතර 2007 සැප්තැම්බර් 21 ඇය සිය දියණියට උපත ලබා දුන්නා. 

ඔවුන් විවාහ වුනේ 2009 පෙබරවාරි මාස 14 වැලන්ටයින් දිනයේදී වීම විශේෂයි. 

වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5

කේට් කියන්නෙ දරුවන් පස් දෙනෙක්ගෙ ආදරණීය මවක්. ඊට අමතරව ව්‍යවසායිකාවක්, නිරූපිකාවක්, ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්. 

ජුරාසික් පාක්, වෝ ඔෆ් ද වර්ල්ඩ් වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ස්ටීවන් බොහොම සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ව්‍යවසායකයෙක් වගේම කතුවරයෙක් ලෙසත් කටයුතු කරනවා. 

ඔවුන්ගෙ විවාහයට මේ වෙද්දී අවුරුදු 32 ක් ගතවෙමිනුයි තියන්නෙ. 

වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 

ඔප්‍රා වින්ෆ්‍රෙ කියන්නෙ ඇමෙරිකාවෙ ඉතාම ප්‍රභල චරිතයක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්. 

ස්ටෙඩ්මන් අති සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම දක්ෂ කථිකයෙක්. 

ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වීම අරඹන්නෙ 1986 දී. තමන් විවාහ වීමට සූදානම් බව 1992 දී ප්‍රසිද්ධ කළත් ඔවුන් අද වනතුරු විවාහා වී නැහැ. 

වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 

බියෝන්සේ සහ ජේ කියන්නෙ සාර්ථක විවාහයක් ගත කරන්නෙ කොහොමද කියල බොහොම ආදර්ශමත් පණිවිඩයක් ලොවට දෙන්න සමත් වුනු යුවළක්. 

අද වෙද්දී ඉතා ජනප්‍රිය සහ ධනවත්ව හිටියත් ඔවුන්ගෙ විවාහ ජීවිතයේදී විවිධ දුක් කම්කටොළු රාශියකට මුහුණ දෙන්න ඔවුන්ට සිද්ධ වුණා. 

මේ සියළු බාධක මැද ඔවුනොවුන් සමඟ සිටිමින් ඉතා සාර්ථකව පැමිණි ගමන් මඟක් තමයි ඔවුන්ට තිබෙන්නෙ. 

ලොව වැඩිම මිලක් අයකරන කාන්තාව ලෙස බියොන්සේ අවිවාදයෙන් පිළිගැනෙනවා. 

වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1

හොලි වැලන්ස් සහ නික් කැන්ඩි කියන්නෙ හරි අපූරු යුවළක්. 

වර්ෂ 2012 දි විවාහ වුනු ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටිනවා. 

මේ ආදරණීය යුවළ හැමවිටම එකිනෙකා ගැන ආදරණීය සහ විවෘත අදහස් නිරන්තරයෙන්ම ප්‍රසිද්ධියේ හුවමාරු කරගන්න අතරම හැකි සෑමවිටම කාලය, ධනය හා ආදරය අවශ්‍ය වූවන් වෙනුවෙන් යොදවන්න කටයුතු කරනවා.

හොලී වැලන්ස් ඕස්ට්‍රේලියානු නිරූපිකාවක් වගේම නිළියක් වන අතර නික් කැන්ඩි අති සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරනවා. 

වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 800 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here