ලොන්තයො දුන්න නේද රිදෙන්නම…?

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 17, කොළඹ LNW:

ගෙවුණු කාලය එතරම් මිහිරි නැත.අපට දැනෙන විදිහට තවමත් වෙනස් වූ තැන් තිබෙන බව ද දැනෙන්නේය.එහෙත් ඇතැම් පිරිස් සංවිධානාත්මකව රටේ ක්‍රිකට් පරිපාලනයට ඇති කෑදරකම,රටටත් වඩා ලොකු කර ගනිමින් කළ වැඩවලදී රට නියෝජනය කරන්නට පිටියට බහින ක්‍රීඩකයන්ව පවා ‘ලොන්තයන්‘ සේ හඳුන්වමින් ක්‍රියා කරමින් මහා ප්‍රචාරණයක් ගෙන ගියේය.මේ ලෝක කුසලානය නැරඹිම වර්ජනය කරන ලෙස,කළු ටී ෂර්ට් ඇඳ පැමිණ පරිපාලනයට විරෝධය ප්‍රකාශ කිරීම වැනි රටට අපකීර්තිය ගෙනෙන අදහස් විසිරුවා පතුරුවා දැමූහ.තේරිම් ගැන විරෝධයක් ඇති වන කතා පතුරුවා හැරියේය.එහෙත් මේ ක්‍රීඩා කරන අය අතර ආබාධ නිසා නැති අය සහ තවත් අතේ ඇඟීළි ගණනටත් අඩු පිරිසක් යම් ආකාරයකින් සිටිය යුතු බවට තර්ක කළ හැකි අතර ඒ හැරෙන්නට මේ පිටියට බසින්නේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම එකොළහකි.

කෙසේ නමුත් එම තේරීම්වලට නොව,ඒ තේරීම් මුවහත් කරන්නට අවශ්‍යය භෞතික සාධක සපුරාලීමට පරිපාලනයෙන් ලැබුණ උපකාර කවරේද සහ එයින් කණ්ඩායම ලබා ඇති ප්‍රගතිය කවරේද යන්න ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ ජය තුළ පැහැදිළිය.මේ ජයග්‍රහණයන් තුළ කණ්ඩායමට එකතු කරපු පරිපාලන වෙනස්කම් දායක වුණ දේවල් සමහර වෙලාවට කණ්ඩායම ඇතුළෙන් කියවා ගන්න අප උත්සාහ කළ යුතුයි.පසුබැසීමක සිටිය හ්‍රී ලංකාව එංගලන්ත තරගාවලියෙ පරාජයන් ඇතුළෙ නැවත නැගිටීමට සූදානම් වෙමින් තිබෙන බවට ඉඟි පළ කළා.

මේ නැගිටීම් ඇති කරන්නට විශාල වියදමක් දරමින් එක එක අත්හදා බැලීම් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ කළ.අන්තිමට පන්දු රැකිම සහ පිතිකරණය වෙනුවෙන් ඉන්දිය විශේෂඥයන් ගැන හිතන්න කල්පනා කරා.සමහර විට මහද්වීපික මානසිකත්වය වගේම කායික අනන්‍යතාවයේ ඇති සමානකම් නිසා ඒ සිතුවිල්ල ගැලපෙන්න ඇති කියන හැඟීම ඇති කරන්නෙ ඔස්ට්‍රේලියාවට එරෙහි ජයත් සමඟයි.පැතුම් නිශ්ශංක ලබන සුපිරි ශතකය වික්‍රම් රතෝර් පිතිකරණ පුහුණුකරු ලෙස කර ඇති වෙනස වගේම ලංකාවට හැමදාම හිසරදයක් වෙන ග්ලෙන් මැක්ස්වල් දවා ගන්න බැක්වර්ඩ් පොයින්ට් හී සිට පැතුම් රැක ගත් උඩ පන්දුව පන්දු රැකීම සඳහා පුහුණුකරු ආර්.සිකන්දර් ඇති කර ඇති විශ්වාසය හොඳින් පැහැදිළි කරනවා.

ඒ වගේම කුසල් මෙණ්ඩිස් විතර අපහාසයට උපහාසයට ලක් වුණු පිතිකරුවෙකු නැහැ.එහෙත් කිසිම තේරීම් කමිටුවක් ඒ තරම් පීඩනයක්,බලපෑමක් ඉතාම කුඩා පවුලකින් ජාතික කණ්ඩායමට ආපු මේ ක්‍රීඩකයාව එල්ල වෙද්දිත් ඔහුව රැක ගැනීමට තීරණය කිරිමේ නිවැරදි බව මේ තරගාවලියෙදි පෙන්නුම් කරමින් සිටිනවා.දැන් කුසල් මෙණ්ඩිස් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් නිමාවන විට වැඩිම ලකුණු එකතුව ඇති ක්‍රීඩකයාව සිටිනවා.ජයග්‍රාහි තරග තුණේම ඔහු තරගයේ විරයා නිර්මාණය කරන ඉණිම් පිටුපස සැඟවුණු ශක්තියව සිටි බව පැහැදිළියි.

ඔස්ට්‍රෙලියාවට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබා ගන්නා මොහොතේ ලකුණු 8 ක් වෙද්දි පළමු කඩුල්ල අහිමිව තිබූ ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් සමඟ කුසල් ඇති කරන ලකුණු 97 ක දෙවන කඩුල්ලේ සබඳතාවය ජයග්‍රහණය දෙසට ශ්‍රී ලංකාව හැර වූ සහ ජයග්‍රහණය පිළිබඳ කණ්ඩායම තුළ විශ්වාසය ඇති කළ මොහොත බව කිව යුතුයි.ඉනික්බිතිව පැතුම් සමඟ එක් වු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පවන් රත්නායක,තමන් බංතුවෙන් නැඟිට්ටුවා,පිටියට තල්ලු කරන්නට ගත් තීරණයට හැමදාම පාහේ කරන සාධාරණ සැළකීම දෙමින් පැතුම්ව ශතකය කරා ගෙන යන්නට ලබා දුන් සහය ද අමතක කළ නොහැකියි.පැතුම්ගේ ශතකයෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍යය ලකුණු වෙනුවෙන් ඔහු එල්ල කළ හතරේ පහරම පවන් කණ්ඩායමට කෙතරම් වැදගත් ද යන්න තේරුම් ගැනීමට ප්‍රමාණවත් වෙනවා.

මේ තරගයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් මේ තරගාවලිය ආශ්‍රීතව වටිනාකම් කිහිපයක් ලියවෙනවා.කුසල් වැඩිම ලකුණු එකතුව ලබා සිටීම,පතුම් පළමු ශතකයේ හිමිකරුවා විම වගේම මේ තරගාවලියේදී කණ්ඩායමක් වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජයගත් අවස්ථාවත් සළකුණු විම මේ තරගයේදී සටහන් වෙනවා.කෙසේ නමුත් එංගලන්තයට එරෙහි ලකුණු 128 ක ඉලක්කය සපුරා ගන්නට නොහැකි වූ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ ක්‍රීඩාංගණයේදීම දැඩිව අපහාසයට ලක් වෙනු දකින්නට ලැබුණා.එහිදී තරගයේ වීරය වුණ සෑම් කරන් එම තණතීරුවේ ලකුණු 130 ක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් බව ඔවුන් දැන සිටි බව කියනවා.තරගයේ වීරයා තණතීරුව ගැන පවසන අදහස පසෙක තිබියදී තණතීරුවෙන් පිටත සිට දක්වන අදහස්වලින් ඇතැම් නරඹන්නන් කියා සිටියේ තමන්ගේ ගමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා හොඳ ක්‍රීඩකයන් සිටින බවයි.

ක්‍රිකට්වලට ආදරය කිරීමම,ක්‍රීඩකයන්ට වෛර කිරිම දක්වා පෙරළන මහන්සිය සහ වියදම යම් ආකාරයකින් ක්‍රිකට් ගැන අවබෝධයක් ඇති අය පවා වෙනස් කරන බවත්,සමහර වෙනස් කිරිම් අවබෝධයෙන් උවමනාවෙන් සිඳුවන බවත් මේ වන විටත් සුපරි අට දෙනා අතරට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය අනුව තේරුම් ගැනිම වැදගත් වෙනවා.ඔස්ට්‍රේලියාවට එරෙහිව කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීම ඔස්ට්‍රේලියාවට පැවරිම සහ ඉනික්බිති ලකුණු 181 ක් ඔස්ට්‍රේලියාව ලැබීම කියන කාරණය තුළම,ඇතැම් හූ ශ්‍රී ලංකාවේ පරාජය භාරගෙන තිබුණු නමුත් දෙවන කඩුල්ලට පැතුම් සහ කුසල් ද,තෙවන කඩුල්ලට පැතුම් සහ පවන් ද ඇති කළ සබඳතාවයන් සමඟ ශ්‍රී ලංකාව ආදළ ඉලක්කයට පිවිසුණේ පන්දු ඕවර් දෙකකට ප්‍රථමයි.

ඔස්ට්‍රේලියානු ඉණිමේ ආරම්භය ප්‍රවේගකාරී වුවත් පසුව එය පාලනයට නතු කර ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.මිචෙල් මාර්ෂ් සහ ට්‍රෙවිස් හෙඩ් ආරම්භක පිතිකරුවන් හැටියට අර්ධ ශතක ලබා ගත් අතර පළමු කඩුල්ල නවවන ඕවරයේ තෙවන පන්දුවට දැවී යන විට ලකුණු පූවරුව 104 ක් ව තිබුණා.ලකුණු 200 ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් පෙනෙන්නට තිබුණත් වනිඳු හසරංග වෙනුවට තමාව කැඳවා ඇත්තේ ඇයි කියා ඔස්ට්‍රේලියානුවන්ට පැහැදිළි කළ දුෂාන් හේමන්ත ලකුණු 37 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව 16 වන ඕවරය නිමාවන විට ලකුණු 160 ක් ලබා සිටියා.දුෂාන් හේමන්ත යැවූ 17 වන ඕවරයේ ඇරඹුමේදි ම පැතුම් රැක ගන්නා විශ්මිත උඩ පන්දුවෙන් මැක්ස්වෙලා දවා ගැනීමෙන් ඉනික්බිති තරගයේ ස්වරූපය සපුරා වෙනස් වෙන්නට ගත්තා.අනතුරුව දුෂාන්,තීක්ෂණ සහ චමීර 17,18,19 සහ 20 වන යන අවසාන ඕවර 4 තුළ ඔස්ට්‍රේලියාවට ලබා දෙන්නේ ලකුණු 21 ක් පමණයි.මැක්ස්වෙල් ද ඇතුළුව එම පන්දු ඕවර් 4 තුළ ඔස්ට්‍රේලියාවට කඩුලු 6 ක් අහිමි වෙන අතර අවසාන ඕවරයේදී දුශ්මන්ත චමීර දුවද්දි දැවී යාම් දෙකක් ද සමඟ ලකණු 4 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් ඔස්ට්‍රෙලියාවට අහිමි කරනවා.ඒ අතර මැක්ස්වෙල් වගේම ශ්‍රී ලංකාවෙන් තරග උදුරා ගැනිමේ පුරෝගිමියෙක් වන මාර්කස් ස්ටොයිනිස් ද වෙනවා.

මේ සමඟ තරගයේ සාරංශගත දත්තවලට පිවිසිය හැකි සබැඳියක් පහතින් දක්වන අතර ශ්‍රී ලංකාව තරගයෙන් ජය ගැනීමට අමතරව ක්‍රිකට් ලෝලියාගේ ආදරය වැරදි විදිහට භාවිතයට ගනිමින් සිටින පිරිසගේ උගුලෙන් ගැලවි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට එරෙහිවීමේ වැරද්දනිවැරදි කර ගන්නට අවශ්‍යය මඟ පෙන්වීම ද ලබා දුන්නා.ක්‍රිකට් අත හරිමින්,ඇස්වලින් හංගමින් හිටිය මිනිස්සු ආයෙ පිට්ටනිය දිහාට හරවන්න වගේම තමන් තනියෙන් ඉවත බලා ගත්තා නොව කවුරුන් හෝ සියුම්ව තමන්ව ඉවතට හැරෙව්වා යන්න තේරුම් ගන්නටත් හොඳ අවස්ථාවක් ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට ළඟා කර දුන්නා.
ලකුණු සහ තරග දත්ත සටහනට
https://bit.ly/4qGmqWq

The post ලොන්තයො දුන්න නේද රිදෙන්නම…? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here