කොළඹ LNW:මතුවූ ලුණු හිඟයත් සමඟ ඒ සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර විවාදාත්මක තත්ත්වයක් මතු වූ අතර පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේදීද ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ ලුණුය.
ඒ අනුව ලුණු හිඟය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කළ අතර එහි බරපතලම කාරණයක් වුණේ පසුගිය 25 වැනි දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති,පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ රවී ලියනගේ මහතාට චෝදනා එල්ල කිරීමය.
එහිදී රහුමාන් මහතා චෝදනත්මව පැවසුවේ ලුණු හිඟයට රවී ලියනගේ මහතා වගකිව යුතුවන බවයි.
කෙසේවෙතත් රනුමාන් මහතාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු විසින් දක්වන ලද කරුණුවල සාවද්‍ය බව පිළිබඳව ආචාර්ය රවී ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
21.05.2025 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මුජිබර් රහුමාන් මැතිතුමන් විසින් ආචාර්ය රවී ලියනගේ වන මා, මා සභාපතීත්වය දරන රයිගම් සමූහ ව්‍යාපාරය සහ අප ආයතනයේ කීර්තිමත් සන්නාම නාමයක් වූ “ රයිගම් ඉසි ” ලුණු පාදක කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.
ඔහුගේ ප්‍රකාශයේ සඳහන් ආකාරයට රයිගම් ආයතනය ඉතාමත් වංචාකාරී ආයතනයක් ලෙස හදුන්වා දෙමින් පුත්තලම ලුණු සංස්ථාව යන ආයතනයේ අධ්‍යක්ෂක ධූරයක් දරමින් මා විසින් වංචාකාරී ලෙස ලුණු ජාවාරමක නිරත වී ඇති බවට හැගෙන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතාම සාවද්‍ය බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
එමෙන්ම ඔහුගේ ප්‍රකාශයේ සදහන් වූ පරිදි,
දේශීය සමාගම් වනසන කොන්ත්‍රාත්තුවක්ද?
අවසාන වශයෙන් විපක්ෂයේ ඉතාම ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද මෙම වගකීම් විරහිත ප්‍රකාශයෙන් මටත්, මම සභාපතිත්වය දරන රයිගම් සමුහ ව්‍යාපාරයත්, ඊට අමතරව අපගේ කිර්තිමත් වෙළදනාමයත් වන “රයිගම් ඉසි” සන්නාමයේ කීර්තිනාමයටත් ඍජු හා වක්‍ර වශයෙන් දැඩි බලපෑමක් ඇති කර බවත්, වගකිව යුතු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙස මෙවන් ප්‍රකාශ සිදු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලුණු පිරිපහදු යන්ත්‍රාගාරය ස්ථාපිත කර ලංකාවේ ලුණු නිෂ්පාදනය වෙනම නැමියාවක් කරා රැගෙන යාමට ආරම්භක පියවර තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලුණු නිෂ්පාදන ආයතනයක් ලෙස අප මහත් අසීරුතාවයකට පත් වූ බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම මෙවන් වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් දේශීය ව්‍යවසායකත්වයට සහ දේශීය ආයතනවලට අහිතකර ප්‍රතිවිපාක ලැබිය හැකි බවත්, විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හැටියට මින් ඉදිරියට මෙවන් වගකීම් විරහිත ප්‍රකශ කිරීමෙන් වැළකී සිටින මෙන් සැබෑ දේශීය ව්‍යවසායකයෙකු ලෙස ඉතා ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි.
ආචාර්ය රවී ලියනගේ
සභාපති – රයිගම් සමුහ ව්‍යාපාරය
Saru FM Media