ලිංගික ශක්තිය සහ බුද්ධිය වැඩි කරන හාතාවාරිය කැඳ

0
9


වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි අද ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් ගෙන එනවා. හාතාවාරිය ඉතා පහසුවෙන් සොයාගත හැකි වැල් වර්ගයක්. ශාකයේ කොළ සීමිත නිසා ඔබට තරමක් වැඩි පුර ප්‍රමාණයක් සපයා ගන්නට වෙනවා.

මඳක් තිත්ත රසයෙන් යුක්ත හාතාවාරිය වල ඇති ශීත ගුණය නිසා අම්ලපිත්ත රෝගයට බෙහෙවින් ගුණ දායකයි. ඔබේ ශරීරය සිසිල් කරන්නට හාතාවාරිවලට පුලුවන්.

ඒ වගේම කුරුලෑ අඩු කරන්නත් රක්තය දූෂණය වීමෙන් ඇති වන රෝග නැති කරන්නත් ප්‍රතිශක්තිය වර්ධනය කරන්නත් හාතාවාරිය වලට පුලුවන්. 

හෝමෝන වල අසමතුලිතතාවය නැති කරන්නත් කිරිදෙන මවකගේ කිරි නිෂ්පාදනය වැඩි කරන්නත් සමත් මේ හාතාවාරිය වලට කාන්තාවන්ගේ පියයුරු වල ප්‍රමාණය විශාල කිරීමේ අපූරු හැකියාවකුත් තියෙනවා. මාංශපේශි වල ප්‍රමාණය වැඩි කරන්නත් ඉතා ඉක්මනින් වෙහෙස නිවන්නත් ඇති හැකියාව නිසා කාය වර්ධනය කරන අයට පෝෂණ අතිරේකයක් ලෙසත් මේ හාතාවාරිය භාවිතා කරන්න පුලුවන්. 

ස්නායුවලට ඉතා හිතකර මේ හාතාවාරිය ස්නායුරෝග වලදී බහුලව ඖෂධයක් ලෙස භාවිතා කරනවා. වයසට යාම පමා කරන්නත්, ශුක්‍ර තරලයේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කරන්නත් ශරීරයේ ඇති සෛල වලට ඉතා ඉහල මට්ටමේ පෝෂණයක් සපයන්නත් සමත් මේ හාතාවාරිය බුද්ධි වර්ධනය කරන්නත් දායකත්වයක් සපයනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

හාතාවාරිය කොළ ටිකක්

රතු නිවුඩු හාල් මිටක්

පොල් බෑයක කිරි

කපාගත් රතුලූණු ටිකක්

කපාගත් සුදුලූණු ටිකක්

තලාගත් ඉඟුරු ටිකක්

ලුණු සහ ගම්මිරිස් 

හදන්නේ මෙහෙමයි

සහල් ටික හොඳින් සෝදා, ලූණු සහ ලුණු ගම්මිරිස් දමා වතුර වැඩිපුර දමා ලිප තබා ගන්න. බත් එක හොඳින් පිසෙන්නට අවශ්‍යයි. එමෙන් ම කැඳ ගතිය ඉතිරි වෙන්නට අවශ්‍යයි. දැන් හාතාවාරිය කොළ ටික වතුර අඩුවෙන් දමා කොටා ගන්න. එහි යුෂ ටික පෙරාගන්න. ඉන්පසු උයාගත් බත් එකට කිරි දමා නටන විට හාතාවාරිය යුෂ ද එක් කර ඉක්මනින් බා ගන්න.

සම්පත් දායකත්වය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here