වෛද්‍ය විදාවේ දියුණුවත් සමගම අද වන විට රෝගීන් වෙනුවෙන් ඉතා පහසු ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙනවා. සැත්කම් සඳහා වුවත් එවැනි පහසු සංකූලතා අවම ක්‍රම යොදා ගන්නවා. ඒ අතරින් Laparoscopy එහෙමත් නැති නම් Key Hole Surgery කියන්නේ උදරයේ අභ්‍යන්තර අවයව පරීක්‍ෂා කිරීමට සමත් නවීන ශල්‍යමය රෝග විනිශ්චය ක්‍රමයක් මෙන්ම ප‍්‍රතිකාර සිදු කරන ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් කැපුම් තුවාලවලින් තොරව සංකීර්ණ ශල්‍යකර්ම වුවත් සිදුකිරීමට හැකිය. අද වන විට අපේ රට තුළ මේ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණු වෛද්‍යවරු සිටීමත් සතුටට කරුණකි.
ස්කෑනින් පරීක්‍ෂණ (ultra sound, CT Scan, MRI Scan) ආදිය මගින් හඳුනාගත නොහැකි තත්ත්වවලදී බොහෝ විට යොදාගැනෙන්නේ Laparoscopy ක‍්‍රමයයි. විශේෂයෙන් මද සරු බව ආශ්‍රිත ගැටලු හඳුනා ගැනීම වගේම ගර්භාෂගත ගෙඩි, ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම, ගර්භාෂයෙන් පිටත සිදු වන පිළිසිඳ ගැනීම් සඳහා අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට වගේම ශ්‍රෝනි කුහරයේ හා උදර කුහරයේ වේදනාවක් ඇත්නම් ඊට හේතුව හඳුනාගැනීම වැනි කාර්යන් Laparoscopy ක්‍රමය හරහා සිදුකළ හැකියි. අවදානම අවම, වේදනාව අවම මෙම ක්‍රමයේදී කුඩා කැපුම් මගින් laparoscope නම් වූ (සිහින් දිගු නලයක් වන අතර එහි කෙළවර අධික සංවේදීතාවයක් සහිත බල්බයක් හා කැමරාවක් ඇත) උපකරණය උදර බිත්තියේ සිදු කරන කුඩා කැපුමක් හරහා ශරීරය තුළට ඇතුළු කරයි. එය අභ්‍යන්තරයට ගමන් කරමින් කැමරාව හරහා ඡායාරූපයක් ලබාදේ. එසේම මෙම උපකරණය මගින් අදාල කොටසේ පටක කොටසක් ඉවතට ගෙන පරීක්‍ෂණ වෙත යොමු කිරීම සිදු කරයි.
උණ්ඩුක පුච්ඡය, පිත්තාශය, අක්මාව, අග්න්‍යාශය, අන්තක, ප්ලීහාව, ආමාශය වැනි අවයව ලැපරොස්කෝප් උපකරණය මගින් පරීක්‍ෂා කොට උදරය තුළ පවතින ගෙඩි, උදර කුහරයේ තරලය පවතීද යන්න, අක්මාවේ රෝග, පිළිකාවක වර්ධනයක් පෙන්නුම් කරනවාද යන කරුණු මෙන්ම ප‍්‍රතිකාරවල ඵලදායීතාවයක් තිබේද යන්නත් මෙමගින් පරීක්ෂා කළ හැකිය.
Laparoscopy ක්‍රමය හරහා මූලිකව හඳුනා ගත හැකි තත්ත්වයන්
මීට අමතරව පහත අවස්ථාවලදී ප‍්‍රතිකාර සඳහා ද Laparoscopy ක්‍රමය යොදා ගනියි.
ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් වලදී බොහෝමයක් සිදුවන්නේ පැලෝපීය නාලයක් තුළය. එහිදී මෙම ගර්භණීතාවය තවදුරටත් පවත්වාගෙන යාම අපහසු නිසා නාලය පිපිරී යාමට පෙර කලලය ඉවත් කිරීම මෙම ක‍්‍රමය හරහා සිදු කරයි.
පිළිකාවට ප‍්‍රතිකාර ලෙස උදර රුධිරවහනයක් හෝ වෙනත් රෝග තත්ත්වවලදී ගර්භාෂය ඉවත් කිරීම කරයි.
ගැබ් ගැනීම වැළැක්වීම සඳහා සිදු කරන ලබන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. (LRT කිරීම)
පහත අවස්ථා වලදී මෙම පරීක්‍ෂණය සඳහා යොමු කළ හැක.
මෙම පරීක්‍ෂණය බොහෝ විට ශල්‍යකර්මය කිරීමට පෙර සිදු කරයි. මෙම පිළිවෙතට පෙර පහත ඖෂධ ගන්නන්හට එහි වෙනස්කම් (අඩු කිරීම, නතර කිරීම්) සිදු කරයි.
ශල්‍යකර්මයෙන් පසු වෙව්ලීම හෝ උණ, උදර වේදනාව, රතුවීම, ඉදිමීම, රුධිර වහනය හෝ කැපුම් ස්ථානයේ ශ‍්‍රාවයන් ගැලීම, අඛණ්ඩ ඔක්කාරය හා වමනය, ස්වසන අපහසුව, මුත‍්‍රා පිටකරීමට නොහැකි වීම වැනි ආසාධනයක ලක්‍ෂණ ඇති වේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය.
Laparoscopy පරීක්‍ෂණය සඳහා සූදානම
මෙම පරීක්‍ෂණය සිදු කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා විසින් රුධිර පරීක්‍ෂණ, මුත‍්‍රා පරීක්‍ෂණ, ECG, පපුවේ X-ray ඡයාරූප ගැනීමට නියම කළ හැක. සමහර අවස්ථාවලදී USS, CT, MRI වැනි ස්කෑනින් පරීක්‍ෂණද නියම කරන අවස්ථා පවතී. මෙම පරීක්‍ෂණවලින් ලැබෙන ප‍්‍රතිඵල, ලැපරස්කොපි උපකරණය මගින් කරන පරීක්‍ෂණවලදී අසාමන්‍යතා හඳුනාගැනීමට උපකාරී වේ. එමගින් මෙම පරීක්‍ෂණයේ ඵලදායීභාවය වැඩි කරයි. සමහරවිට මෙම පරීක්‍ෂණයට පෙර පැය 8 ක් පමණ නිරාහාරව සිටිය යුතු විය හැක. මෙම පරීක්‍ෂණයේදී සර්ව නිර්වින්දනය (General anesthesia) ලබාදෙන බැවින් පරීක්‍ෂණයෙන් පසු නිදිමත ගතිය ඇති විය හැක. සමහර අවස්ථා වලදී ස්ථානික නිර්වින්දනය (Local anesthesia) ලබාදේ. එනම් එම අදාල කොටස හිරිවැටීමකට ලක් කරයි.
එසේම රෝහල් ගත නොවී නිවසේ සිට ගොස් බාහිර රෝගියෙකු ලෙසද මෙම පරීක්‍ෂණය කරගැනීමේ හැකියාවක් පවතී. සර්ව නිර්වින්දනය (General anesthesia) ලබාදීමෙන් පසු පරීක්‍ෂණය පුරාවට ඔබට හොඳින් නින්ද යනු ඇත. වේදනාවක් නොදැනේ. මේ සමගම තරලය ලබාදෙමින් රෝගියා සජලනය කරයි.
මෙම පරීක්‍ෂණයේදී උදරයේ නාභියට යටින් කුඩා කැපුමක් කර එය තුළට කැනියුලාවක් ඇතුළු කරයි. එමගින් උදරය CO2 වාතයෙන් පිම්බීමක් කරයි. මෙම වාතය මගින් වෛද්‍යවරයාට උදර ඉන්ද්‍රියන් පරීක්‍ෂාව පැහැදිලි කරයි. ඉන්පසුව උදරය පිම්බීමත් සමග එම කැපුම හරහා මෙම උපකරණය ඇතුළු කරයි. එහි කෙළවර ඇති කැමරාව මගින් ඡායාරූපයක් තිරය මත දිස්වේ. මෙසේ කැපුම් 1 – 4 ක් අතර ප‍්‍රමාණයක් සිදු කරන අතර එම කැපුමක් 1 – 2cm දිගකින් යුක්තය. එසේම වෛද්‍යවරයා අවශ්‍ය නම් අභ්‍යන්තර පටක කොටසක් ගැනීමද සිදු කරයි. පරීක්‍ෂණයෙන් පසු එම කැපුම්වලට මැහුම් යොදන අතරම පැය කිහිපයක් යන තුරු ස්වසනය, හදගැස්ම, රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම සිදු කරයි.
පරීක්‍ෂණයෙන් පසුව ඇති විය හැකි බහුල තත්ත්ව වන්නේ උරහිසේ වේදනාවයි. පරීක්‍ෂණය සඳහා යොදාගත් CO2 වායවු මගින් ඔබේ මහා ප‍්‍රාචීරය උද්දීපනය කිරීම ඊට හේතුවයි. එවිට උරහිසට යන ස්නායු උද්දීපනය වේ. දින කිහිපයකින් මෙම තත්ත්වය මගහැරී යයි. සතියක් තුළ ඔබට ඔබගේ සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි අතර සති 2 කින් පසු නැවත වෛද්‍යවරයා මුණ ගැසී පසු විපරමක් ලබාගත යුතුය.
Laparoscopy ක්‍රමය මගින් රෝගියාට ඇති වන වාසි
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා
මහමෝදර ශික්ෂණ රෝහල
Saru FM Media