ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 29දා මුහුද මැද දී ශ්‍රී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්වෙන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එවැනි ප්‍රහාරයක් එල්ල කර නොමැති බවට සනාථ කරන බවයි.
ධීවරයින්ගේ ජීවනෝපාය ගැටළු සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවත් ඉන්දියාව නිරන්තරයෙන්ම විශ්වාස කරන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා රජය සමඟ දිගටම සම්බන්ධ වෙමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
Saru News










