දියර සහිත පලතුරු අතර කොමඩු වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ලොකු පොඩි හැමදෙනෙක්ම බොහෝම ආසවෙන් රසවිඳින කොමඩු ගැන බොහෝ අය දන්නේ දාහය නිවන පලතුරක් විදිහට විතරයි. අපි දන්නේ නැති වුනාට මේ රසවත් පළතුරෙන් අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා.
කොමඩු තනි පලතුරක් විදියට කන්න අකමැති නම් සලාද වලට එකතු කරගන්න. නැති නම් දෙහි සමඟ බීමට ගන්න පුළුවන් නමුත් මතක ඇතිව සීනි එකතු නොකර ඉන්න වග බලාගන්න.
– කල්හාරි –
Saru FM Media