ලස්සන මුහුණකට පියකරු Blush…

0
14


මේකප් කළත් නැතත් දෙකම්මුල්වල blush ස්වල්පයක් ආලේප කලවිට කෙතරම් පියකරුද? රූපලාවන්‍ය නිෂ්පාදන අතර blush ප්‍රමුඛස්ථානයක් දරයි. නමුත් බොහෝ දෙනාට blush වර්ග පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. මේ වෙළඳපලෙහි දක්නට ලැබෙන ප්‍රධානතම blush වර්ගයි-

cream-blush-tbd

මෙය වඩාත් තද පැහැයක් ලබාදෙයි. ආලේපකිරීමට බ්‍රෂ් එකක් අවශ්‍ය නොවන අතර ඇඟිළිතුඩු භාවිතයෙන් ආලේප කළහැක. මෙම blush වර්ගය moisturizing ගණයට අයත්වන නිසා සමේ තෙතමනය රැකදෙයි.

gel-blush

ක්ෂණික දීප්තියක් මුහුණට ලබාදෙයි. තෙල් රහිත (oil-free) නිසා තෙල් සහිත සමට වඩාත් උචිතයි. Foundation එක මත වගේම මේකප් රහිත සම මතත් ඍජුව ආලේප කල හැක. සමට සුසිනිඳු පෙනුමක් ලබාදෙයි.

shimmer-blush

මෙය දිළිසෙන ස්වභාවයෙන් යුත් blush එකකි. මෙය ඔබේ මුහුණට වැඩි පෙනුමක් එකතුකරයි. විශේෂයෙන්ම ඇස් පියන්වලට ඉහළ කොටස සහ නළලේ දෙපස highlight කිරීම සඳහා යොදාගතහැක. රාත්‍රී සාදයන් සඳහා වඩාත් සුදුසුයි.

powder-blush

වඩාත් ප්‍රචලිතම blush වර්ගයයි. සියළුම සම් වර්ග සඳහා ගැලපේ. කම්මුලෙහි ඉහළ කොටස highlight කිරීමට කදිමයි. දවසේ ඕනෑම අවස්ථාවකට ගැලපේ. හොඳ වර්ගයක blush brush එකක් භාවිතාකිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබාගතහැක.

tint-blush

ඉක්මනින්ම වියළෙන මුත් පැහැය අඩු නොවේ. මේකප් එක සෝදා ඉවත්කරන තුරුම පවතියි. තෙල් සහිත සමකට වුවත් භාවිතාකල හැක. Blush ස්වල්පයක් පමණක් භාවිතාකිරීම සෑහේ.

දිනෙන් දින විවිධ වර්ගයේ blush වෙළඳපල එකතුවේ. නමුත් මතක ඇතිව ඔබට ගැලපෙනම blush වර්ගය තෝරාගැනීමට සැලකිලිමත්වන්න.

– කලහාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here