ලස්සන මුහුණකට කුස්සියෙන් face mask එකක්

0
10


මුහුණේ සම පැහැපත්ව ලස්සනට තියාගන්නට කාන්තාවන් නොකරන දෙයක් නැහැ. කැළැල් නැති ලස්සන මුහුණක් කියන්නේ කාන්තාවන් හැම කෙනාම ලබා ගන්න උත්සාහ කරන දෙයක්. කෘතීම දේවල් නැතිව කුස්ස්සියේ ඇති ස්වාභාවික අමුද්‍රව්‍ය තුනකින් face mask එකක් හද ගන්න පුලුවන්නම් කෙතරම් හොඳද?  කැළැල් මකන ස්වාභාවික face mask එකක් මෙලෙස සකසා ගනිමු

ෆෙස් මාස්ක් එකට අවශ්‍යදේ:

සාදන අයුරු:

කෝප්පයකට සියලු දේ මිශ්‍ර කරන්න. මෙම හදාගත් මාස්ක් ඒක ඇගිලි තුඩු වලින් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10ක් වේලෙන්නට තියන්න . පළමුවෙන්ම මද උණුසුම් වතුරින් මුහුණ සෝදන්න. උණුසුම් වතුර වෙලුණනු මාස්ක් එක බුරුල් කරදෙයි. ඉන් පසු සාමාන්‍ය ඇල් වතුරින් සෝදා පිරිසිදු තුවායකින් තෙත මාත්තු කරන්න. මෙම ප්‍රතිකර්මයට පෙර මුහුණට හුමාලය ඇල්ලීමට පුලුවන්නම් මෙම මාස්ක් එකෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි කර ගන්න පුළුවන්. හුමාලය ඇල්ලීම මගින් කූප විවර වෙන නිසා  මාස්ක් එක සම තුලටම ගමන් කරනවා.

මෙහි අඩංගු ද්‍රව්‍ය සියල්ලම සමට ඉතාමත් ගුණදායකයි. මීපැණි සමේ තෙතමනය රදවා ගෙනයාමට උපකාරී වෙයි. බැක්ටීරියා විරෝධී සහ විෂබීජ නාශක ගුණ මගින් කුරුලෑ වැනි දේ වලක්වයි.ලෙමන් වල ඇති විටමින් සම පැහැපත් කරයි. ප්‍රතිඔක්සිකාරක බහුල තක්කාලි අකාලයේ වියපත් වීමට බලපාන හේතුකාරක වලට එරෙහිව සටන් කරයි. අඳුරු පැහැති කැළැල් එළිය කිරීමටද සමත් වෙනවා. එමඟින් සම තරුණ සහ නැවුම් බවකින් පවත්වාගෙන යාමට උපකාරී වෙයි

සාදාගත් මෙම face mask මිශ්‍රණය ශීතකරණයේ සතියක් පමණ කල් තබා ගත හැකියි. දුගඳක් හමනවා දැනුණොත් ඉවත දමන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here