ලක්ෂ 75ක හොර සිගරට් තොගයක් සමග සැකකරුවකු රේගු භාරයට! Sri Lanka Latest News

0
4


රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 05/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . Sri Lanka Latest News

මොහු මහනුවර , ගම්පොළ ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , බහරේන් වෙත ගොස් , එතැන් සිට 05/17 දින උදෑසන 09.30 ට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ඩබල් මික්ස් ” වර්ගයේ දුම්වැටි 50,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 250 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

එම නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here