ලංකාවේ සැමන් රට යවයි

0
13


ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමති රත්න ගමගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පුත්තලම – මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි.
මේ වර්ෂයේ තුළ ඩොලර් මිලියන අටක ආදායමක් බලාපොරොත්තු වන බවත් මේ මාසය තුළ එක් කන්ටේනරයක සැමන් ටින් 48,000ක්ද අපනයනය කරන බවත් එක් කන්ටේනරයකින් ඩොලර් 38,000ත් 40,000 අතර ආදායමක් බලාපොරොත්තු වන බවත් ලබන මාසය තුළ කන්ටේනර් පෙට්ටි 02ක් යැවීමට බලාපොරොත්තුව වන බවත් පාලන අධිකාරිය සදහන් කරයි.
මහා මුහුදෙන් ධීවරයින් විසින් අල්ලා ගෙන එනු ලබන මාළු ගොඩ බිමට රැගෙන එන විට තුනෙන් එකක් පමණ විනාශ වන බවත් එය මහ මුහුද මැදට ගොස් මිලදී ගෙන රට වටා ඇති මාළු සම්පත විනාශ වීමට ඉඩ නොදී ප්‍රයෝජනයට ගැනිම එකම අරමුණ බවත් ඔවුන් පවසයි.
මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යය ලේකම් සම්පත් මන්ත්‍රීනායක, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගී වූහ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here