ලංකාවේ ක්‍රිකට්,  ‘හිට් විකට්’ කළ පාතාල ගේම හෙළි වේ.. – Saru News | සිංහල

0
4

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ප්‍රදර්ශනය කරමින් සිටින වගකීම් විරහිත ක්‍රියාකලාපය පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි පිළිකුල එල්ල වෙමින් පවතින අතර, ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගෙන තිබෙන පාතාල ජාවාරම් පිළිබඳ හෙළි කෙරෙන ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය කර අවසන් විය.

`LBW’ යනුවෙන් නම් කර එම ටෙලිනාට්‍යය කැලුම් වැලිගමගේ පිටපතක් ඇසුරෙන් සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද්දක්.

‘කඩුල්ලට පෙර ජීවිතය – ඉත්තෑවෙකුගේ කතාව’ යනුවෙන් එහි ආදර්ශ පාඨය යොදා තිබිණි.

1996 මාර්තු 17 වැනි දින පවත්වන ලද එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමිකර ගැනීම පදනම් කරගෙන කතාව ගොඩනඟා තිබේ. එහි දැක්වෙන අතිශය ප‍්‍රබල දෙබස් කිහිපයක් මෙම ක්‍රීඩාව හා සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් අපූරුවට හෙළි කර තිබිණි.

“අපි මහත්වරුන්ගේ ක්‍රීඩාව සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා නොවෙයි. අපි ඒක කන්ට්රෝල් කරන රූලර්ස්ලා”

“මේ ක්ලාස් එකේ එවුන්ට සෙට් වෙන ප්ලේයර් කෙනෙක් වෙන එක බිස්නස් ගේම් එකක්.”

“ගලකට පිළිමයක් වෙන්න ඕන නම්, ඒ පිළිමයට අයිති නැති දේවල් ඒ ගලෙන් අයින් කරන්න, ගල අවසර දෙන්න ඕනෑ”

“අකිලගේ එක බැල්මකට කෝටි ගාණක් කරකවන්න පුළුවන්.”

ආදී වශයෙන් අධ්‍යාපනයේ සිට ක්‍රීඩාව දක්වා පාතාල කළු සල්ලි ජාවාරම් වෙනුවෙන් වෙන්කරගෙන ඇති ආකාරය මෙම ටෙලිනාට්‍යයෙන් අපූරුවට විග්‍රහ කර ඇත. එම නාට්‍යයේ අවසන් කොටස සහ සාරාංශ ගත කළ කොටසේ වීඩියෝ පහත දැක්වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here