රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රිතාන්‍ය ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදෙස් ජාතික කාන්තාව ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටව යමින් සිටිය දී ඊයේ (12) පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයේ මෙම කාන්තාව පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඇය විසින් රැගන ආ ගමන් මළු දෙකක මෙම කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගත් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම වැටලීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ සිදුකළ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේ.




Saru FM Media