රෝහල් ගැටලු විසඳන්න යෝජනාවලියක් ළඟදීම රජයට භාරදෙන බව වෛද්‍ය සංගමයක් කියයි

0
13


වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් පද්ධතියේ පවතින ගැටලු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජකාරී සිදු කිරීමේදී හා නිල නිවාස ගැටලු මෙන්ම ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිය සාමාජිකයන්ගෙන් තොරතුරු ලබා ගෙන අදාළ යෝජනාවලිය සකස් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.  

Neth Sound · DR CHAMIL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here