කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඉතාලියේ රැකියාවක නිරත වී යළි මෙරටට පැමිණි මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ සගවා තිබූ නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සහ විදේශීය මත්පැන් බෝතල් තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවේදී සැකකරු විසින් ඒවා පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කර තිබෙනවා.
ඒ, පිළිබද රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Saru FM Media