රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට විසදුම ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

0
5


තුර්කියේදී පැවැතිවීමට නියමිත යුක්‍රේන රුසියා සාම සාකච්ඡා සම්බන්ධයෙන් තමන්ට ඉහළ අපේක්‍ෂාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා. 

එම සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවිය යුකු බවයි ඔහු පවසා ඇත්තේ. 

අමෙරිකානු සහ රුසියානු නායකයින් දෙපළ මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඍජුවම කටයුතු කරන තෙක් එහි ඉදිරි ගමනක් අපේක්‍ෂා කළ නොහැකි බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ. 

දකුණු තුර්කියේ පැවති නේටෝ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

ස්තාන්බූල්හි පැවැත්වීමට නියමිත යුක්‍රේන – රුසියා සාම සාකච්ඡා සඳහා නියෝජිත පිරිසක් යොමු කරන බව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. 

එහෙත් රුසියාව ඒ සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස නොසලකන බවටයි යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here