රුපියල් මිලියන 68 ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට

0
4


ඕමානයේ සිට  මුහුදු භාණ්ඩ ප්‍රවාහනය හරහා  ශ්‍රී ලංකාවට එවා තිබු පාර්සලයක් තුල තිබී රුපියල් මිලියන 68 ක මත්ද්‍රව්‍ය තොගයක්  ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණ ඇති පාර්සලය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත පරික්ෂා කර බැලීමේදී එම පාර්සලය තුළ සඟවා තිබූ මෙතම්ෆෙටමින් ග්‍රෑම් 2,697 ක් සහ කො කේන් ග්‍රෑම් 5 ක් සොයා ගත් බවයි  ශ්‍රී ලංකා රේගුව පැවසුවේ 

මෙම පාර්සලය මුදුන්ගොඩ, බැලුම්මහර හි පදිංචි 66 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට යොමු කර තිබු අතර එම පාර්සලය ලබා ගැනීමට පැමිණි වයස අවුරුදු 35 ක පිරිමි පුද්ගලයෙකුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

මූලික තක්සේරු ඇස්තමේන්තු අනුව අත්අඩංගුවට ගත් ද්‍රව්‍යවල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 68 ක් වන බවයි ශ්‍රී ලංකා රේගු  මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කර සිටියේ 

මේ සම්බන්ධ විමර්ශන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here