රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :
වරාය අධිකාරිය සතු සුඛෝපභෝගී වාහන සහන මිලට ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයකු කළ පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම 56 හැවිරිදි සැකකාරිය කොටු කරගෙන තිබේ.
ඇය මීට පෙර වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සේවය කර ඇති අතර, එම කාලසීමාව තුළ මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
පොරොන්දු වූ පරිදි වාහනය හෝ මුදල් ලබා නොදී මඟහැරීම හේතුවෙන් වෛද්‍යවරයා විසින් සිද්ධිය පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් ඇයව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවන බව වාර්තා වේ.

The post රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ සහකාර අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට! appeared first on LNW Sinhala.
Saru News










