මෙරව (2026) අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබේ.
ඒ අනුව මීට පෙර පැවති රුපියල් 7,500ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 10,000 දක්වා වැඩිකර ඇත.
එම වැඩි කිරීම් අනුව 2026 ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000ක ශිෂ්‍යත්ව දීමනාව හෙට (10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩගේ නිවේදනය පහතින් දැක්වේ.
0
Saru News
















