රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

0
10


කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් රථයක ගැටීමෙන් යතුරුපැදිය මාර්ගයෙන් විසි වී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකාරිය බරපතල තුවාල ලබා ප්‍රථිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 64ක් හා මරණකාරිය වයස අවුරුදු 57ක් වූ පරගහකොටුව, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකි.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here