
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල 21 පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගිය දිනයේම ශ්වසන අපහසුතා හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. රමිත් රඹුක්වැල්ල බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී එම්-2 වාට්ටුව වෙත යොමු කරන ලද අතර එහිදී ඔහු බන්ධනාගාර නිලධාරින්ට දන්වා ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවයි.
බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් මූලික පරීක්ෂණ සිදු කරන ලද අතර එහිදී රමිත් රඹුක්වැල්ල තව දුරටත් පැහැදිලි කර ඇත්තේ තමන්ට නිදාගැනීමේදී
දැඩි ශ්වසන අපහසුතා පැවතෙන බවත් එම අවස්ථාවලදී විශේෂ වෛද්‍ය උපකරණ (ඉන්හේලර්) යොදාගන්නා බවත්ය.
බන්ධනාගාරයට පැමිණෙන අවස්ථාවේ ඉතා හොඳ යහපත සෞඛ්‍ය තත්වයක පසුවූ ඔහු එහි එනවිට හිතාමතාම අදාළ ශ්වසන උපකරණය ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබූ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙහෙළිය හිටපු ඇමතිවරයාද බන්ධනාගාරයේදී ලෙඩවූ අතර ඔහුට ප්‍රතිකාර කළ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව කෙහෙලිය පුතාටද නිදාගැනීම සඳහා විශේෂ ඇඳක් ලබාදිය යුතු බවත් ශ්වසන අපහසුතා මතුවන අවස්ථාවල දී
ඒ සඳහා අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවත් නිර්දේශ කර තිබේ. මෙම තත්ත්වය තව දුරටත් නරක අතට හැරෙන්නේ නම් ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට සුදානම්ව සිටින බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් දන්වා තිබේ.
අධිකරණ නියෝගයක් මත රිමාන්ඩ් කරන ලද රමිත් රඹුක්වැල්ල සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව ම සිදුවෙමින් පවතින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීන් නිතර අධීක්ෂණයක් පවත්වමින් සිටින බව වාර්තා වේ. රමිත් රඹුක්වැල්ලගේ ශ්වසන අපහසුතා තත්ත්වය ගැන ඔහුගේ නීතිඥ කණ්ඩායම සහ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති බව ද බන්ධනාගාර ආරංචිමාර්ගවලින් වැඩිදරටත් අනාවරණය වේ.
Saru FM Media