නුවරඑළියේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව නුවරඑළිය මුස්ලිම් තරුණ සංගමය සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් අද පැවැත් වුණා. ඒ, මිපිලිමන, අල් ෆලාහ් ජුම්මා පල්ලිය කේනද්‍ර කර ගනිමින්. එම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමන්, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර ජාතික වෙසක් සතියට සමගාමිව මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද පැවැත් වුණා.
ඒ, නුවරඑළිය, හාවාඑළිය, අශෝකාරාම විහාරස්ථානයේදීයි. නුවරඑළිය, හාවාඑළිය, අශෝකාරාමාධිපති දෙහිගහහේනේ කෝවිද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් දැනුවත් කිරීම එහිදී සිදුකර තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි.
මේ අතර “2025 – බුද්ධ රශ්මි” වෙසක් කලාපය ඊයේ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතින් විවෘත වුණා.
මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කරනු ලබන්නේ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්වයි. මේ, එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය.




Saru FM Media