රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරි තනතුරු ලබා දීම සඳහා අනුබල දී ඇති හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් වෙත පරාවළල්ලක් වන කරුණු හෙලි වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ධුරයට චමින්ද කුලරත්න පත් කිරීම සඳහා නම් කර සිටි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය තුළ දේශපාලඥයන් 5 දෙනෙකු සිටි බව හෙළි වී තිබේ. මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇල්ල එම දේශපාලඥයින් 5 දෙනා ය.
චමින්ද කුලරත්න එම තනතුරට පත් කිරීමේ දී මෙම පිරිස සිදු කර ඇති දේශපාලන බලපෑම පිළිබඳව කරුණු විමර්ශනය කළ යුතු බවට ප්‍රබල මතයක් ඉදිරිපත් වී තිබේ.
4
Saru News










