රාජපක්ෂ පවුලම ඇවිලෙයි – Saru News | සිංහල

0
4

පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා කැඳවීමත් සමඟ එම පවුල ඇතුළු බොහෝ දෙනෙකු දැඩි ලෙස කලබල වී සිටිති.

මේ බව මැනවින් පැහැදිලි වී තිබෙන්නේ පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් මෙන් ම නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන සාගර කාරියවසම් ඊයේ (17) පවත්වන ලද මාධ්‍ය හමුවකදී කළ අදහස් දැක්වීමෙනි. අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් නිර්මාණය කර ප්‍රකාශ කළේය. බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මාර්තු 08 වෙනි දින පවත්වන කාන්තා දිනයේ දී පෙන්වන ශක්තිය පිළිබඳව ය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කපිල චන්ද්‍රසේනගේ නීතිඥයන් ලවා ප්‍රකාශයක් ලබා දී ඇති අතර, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු දේශපාලකයන්ගේ නම් ඇතුලත් කරමින් ප්‍රකාශයක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බවට ප්‍රබන්ධයක් ප්‍රචාරය කරමින් සිටී.

මේ අතර, රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සමීපතමයින් දැඩි ලෙස කලබල වී සිටින ආකාරය සාගර කාරියවසම් විසින් මුදා හරින ලද්දේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තර්ජනය කිරීමෙනි. ඔහු සඳහන් කර තිබෙන්නේ රංග දිසානායකට නිසි දඬුවම් ලබා දෙන බව ය.

කපිල චන්ද්‍රසේන යනු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සමග කෙතරම් සමීප පුද්ගලයකු ද යත්, 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය තනතුර යටතේ පිහිටුවන ලද රජය විසින් වහ වහා ඔහු නැවතත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කරන ලදී.

මේ අතර කපිල චන්ද්‍රෙස්න සහ එයා බස් ගනුදෙනුවේ මූල්‍ය අපරාධවලට රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධය 2015 පමණ සිට අධිකරණය ඉදිරියේ හෙළි වෙමින් තිබිණි. එහෙත් එම පරීක්ෂණ පසුව හමුවේ කලබල නොවූ රාජපක්ෂ පවුල වර්තාමන ආණ්ඩුව යටතේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දැඩි කලබලයකට පත් වී සිටිති.

28

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here