රාජකාරී මේසයේ හිඳ ආහාර ගන්න එපා

0
12


බොහෝ වෙලාවට කාර්යාලයේ තියෙන තම මේසයේ හිඳගෙන ආහාර ගන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. තමන්ගේ කාළය ඉතිරි කර ගන්න, ඉක්මනින් රාජකාරි ඉක්මනින් ඉවර කරන්න තමයි බොහෝ දෙනෙක් තමන් රාජකාරි කරන තැන ඉඳලම ආහාර ගන්නේ. හැබැයි මේ පුරුද්ද නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

මේ විදිහට වැඩ කරන ගමන් ආහාර ගන්න විට තමන්ගේ අත්දෙක සෝදලා පිරිසිදු කරගන්න එක ගොඩක් දෙනෙක් කරන්නේ නෑ. උදේ ඉඳලා වැඩ කරලා අත්වල රැඳිලා තියෙන අපද්‍රව්‍ය විශබීජ එක්ක ආහාර ගත්විට විවිධ රෝගාබාධ වලට ලක්වෙන්න තියෙන ඉඩ වැඩියි. රාජකාරී මේසය මේ පුරුද්ද නිසා නිතර අපිරිසිදු වෙනවා විතරක් නෙමෙයි අහාර කැබලි රැඳිලා කූඹි වගේ සතුන් බෝවෙන්නත් පුළුවන්.

අනිත් කාරණය තමයි දිවා ආහාරය තමන් වැඩකරන තැන ඉඳලම ගන්න නිසා ආහාරය කාර්යාලය තුලම තියා ගැනීමෙන් එය අධික ලෙස ශීතල වෙනවා. කාර්යාලය තුල වායූ සමීකරණය කරලා නම් තියෙන්නනේ ආහාරය ශීතල වීම ඉක්මනින්ම සිදු වෙනවා. මේ නිසා ආහාර රුචිය අහිමි වෙන්න තියෙන ඉඩ වැඩියි.

මේ නිසා හැකි සෑම වේලාවකම තමන්ගේ ආහාර වේල ආහාර ගන්න කාර්යාලයේ වෙන් කරලා තියෙන ස්ථානයම භාවිතා කරන්න. එවිට කාර්යාලයේ අන් අය සමග පවතින සබඳතාවන් වැඩි දියුණු කර ගන්නත් අවස්ථාව තියෙනවා. එය රාජකාරි ස්ථානය වඩා ප්‍රසන්න තැනක් කර ගන්න වගේම වැඩ පහසු කරගන්නත් උපකාරී වේවී.

– එරන්දතී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here