පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
විශේෂයෙන්ම වෛද්‍යවරයා පවසන්නේ, කුඩා දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
විජලනයෙන් බේරීම සඳහා නිතර ජලය පානය කිරීම ඉතා වැදගත් වන බව පැවසූ වෛද්‍යවරයා, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං සහ දෙළුම් වැනි නැවුම් පළතුරු යුෂ මෙන්ම කැඳ වර්ග ආහාරයට එක් කර ගැනීම සුදුසු බව සඳහන් කළෙය.
එමෙන්ම සැහැල්ලු ලා පැහැති කපු ඇඳුම් භාවිතය, දිනකට කිහිප වරක් ස්නානය කිරීම හෝ ශරීරය ජලයෙන් තෙත් කිරීම මගින් සහනයක් ලබාගත හැකි බවත් නිවසේ දොර ජනෙල් විවෘතව තබා හොඳ වාතාශ්‍රයක් ලැබීමට සැලැස්වීමෙන් නිවස සිසිල්ව තබා ගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
පෙරවරු. 11.00 සිට පස්වරු. 3.00 දක්වා කාලය තුළ සෘජු හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් සීමා කළ යුතු බව පැවසූ වෛද්‍යවරයා, එළිමහනේ වැඩ කරන පිරිස් නිතර සෙවණ ඇති ස්ථානවල විවේකය ලබාගත යුතු බව එහිදී අවධාරණය කලේය.
එමෙන්ම අධික රස්නය නිසා හිසරදය, වමනය, නිදිමත ගතිය සහ විජලනය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, එවැනි සෞඛ්‍ය ගැටලු පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
Saru News
















