රසවත් පැණි ආප්ප ගෙදරදීම හදලා රස බලමු

0
3

කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුතු නිසා ගෙදරදීම පිරිසිදුවට රසට පැණි ආප්ප කැමැත්තෙන් සිටියා නම් මෙන්න රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක්-

අවශ්‍ය ද්‍රව්‍ය

  •  කැකුළු හාල් 350g
  •  පොල් කිරි
  •  රස අනුව පැණි
  •  ඊස්ට් තේ හැදි 1
  •  ආප්ප සෝඩා තේ හැදි 1/4
  •  බිත්තර 4
  •  ලුණු ස්වල්පයක්

 සාදන අයුරු  

කැකුළු සහල් සෝදා රැයක් පෙඟෙන්නට තබන්න, පසුව හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා හාල් වැසෙන ප්‍රමාණයට පොල් කිරි දමා රස අනුව ලුණු සහ ඊස්ට් එකතුකර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එය වෙනත් භාජනයකට පෙරනයකින් පෙරා ගන්න. පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩිනම් තවත් පොල් කිරි ටිකක් දමා කලවම් කර පැය 4ක් පමණ පිපෙන්න තබන්න.  හොදින් වසා තබන්න. පැය 4ට පසුව බිත්තර එම මිශ්‍රණයට එකතු කරගන්න. රස අනුව පැණි ද ආප්ප සෝඩා ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් ආප්ප උයාගන්න ආකාරයට මිශ්‍රණය ආප්ප තාච්චියට දමා තාච්චියේදීම ආප්පය බෑමට පෙර ආප්පය මැදට හකුරු හෝ පැණි ස්වල්පයක් දමා ආප්පය දෙකට නමාගන්න.

පැණි වෙනුවට කුඩු කරගත් හකුරු හෝ සීනි ද යොදා ගත හැක. තද දුඹුරු පාටට අවශ්‍ය නම් සීනි කැරමල් ටිකක් එක්කර ගත හැකියි. මෙය තේ වේලාවට රසකැවිල්ලක් වගේම උදෑසන ආහාරයක් ලෙසත් එකතුකර ගත හැක.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here