රසවත් චීස් කේක් ගෙදර හදන්නේ මෙහෙමයි.

0
13


අවශ්‍ය දේවල්:

  • ක්‍රීම් චීස් 750g
  • බිත්තර 4
  • සුදු සීනී 200g
  • වැනිලා තේ හැදී 2
  • මාරී බිස්කට්
  • බටර් හෝ මාගරින් 100g

සාදා ගන්නා ආකාරය:

බිස්කට් කුඩු කරගන්න.

පසුව දිය කර ගත් බටර් හෝ මාගරින් සමග හොඳින් මිශ්‍ර කර ගන්න.

ඒවා බේකින් ට්‍රේ එකේ පතුලට දමා අතින් තද කර ගන්න.

කලින්  200°C/400°Fට රත් කරගත් අවන් එකක විනාඩි 5 -10 අතර බේක් කර ගන්න.

ඒ අතරතුර චීස් ෆිලින් හදා ගන්න ඕනෑ.

මේ සඳහා කාමර උෂ්ණත්වයට පත් වූ ක්‍රීම් චීස් උවමනායි. එයට සීනී සහ වැනිලා දමා ගෙන මෘදු වන තුරු බීට් කරන්න.එයට වරකට බිත්තරය බැගින් දමා ගෙන හොඳින් බීට් කරන්න.

මෘදු පිරවුමක් ලැබුණු පසුව අවන් කරපු තැටියට මෙම මිශ්‍රණය දමා ගෙන 150°C/300°F උෂ්ණත්වයේ විනාඩි 55 ක් පමණ බේක් කරන්න.

බේක් කිරීමෙන් අනතුරුව අවන් එක නිවෙන්නට තබා කේක් එක අවන් එක තුළම විනාඩි දෙක තුනක් නිවෙන්න තබන්න.

සරසා ගෙන පැය 5-6ක් ශීතකරනයේ තබා පිළිගන්වන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here