රසම රස පොප් කෝන් ගෙදරදීම හදාගන්න හැටි දන්නවාද?

0
21


Popcorn යන් ලෝකය පුරාම ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්. අප බොහෝ විට පුරුදුව සිටිනුයේ සැකසූ පොප් කෝන් වෙළඳපළෙන් මිලට ගැනීමටයි. නමුත් මිල මේවායහි  කල් තබාගැනීමට විවිධ ද්‍රව්‍ය එකතු කරලා තබෙන නිසා නැවුම් රසයක් දැනෙන්නේ නැහැ. එනිසා රසට ගුණට පිරිසිදුවට මෙන්න මේ විදිහට ගෙදරදීම හදාගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉරිඟු ඇට කෝප්ප 1/2
  • බටර් මේස හැඳි 5
  • රස අනුව ලුණු
  • ලොකු සාස්පානක් සහ පියනක්

සාදා ගන්නා අයුරු:

පළමුවෙන්ම සාස්පානට බටර් ටික දමා මද ගින්නේ හොඳින් රත් කරගන්න. බටර් ටික රත් වු දැන් ඉරිඟු ඇට ටික එක්කර පියනෙන් වසන්න. ඉරිඟු ඇට ටික රත් වී උඩ පනින්නට පටන් ගත් පසු සෙමෙන් පියන ඉවත් කර සියලු පොරි පිපිරෙන තුරු භාජනය ඉදිරියට සහ පසුපසට සොලවන්න. රස අනුව ලුණු එකතු කර උඳුනෙන් ඉවත් කර ගන්න.

කැමති නම් සීනි කැරමල්, පැණි, මාෂ්මෙලෝ, චොකලට්, මිරිස් ආදී විවිධ රසයන් ද එකතු කර ගැනීමටද හැකිය. කෙතරම් රසවත් වූවද ආහාරයට ගැනීමේ දී අධික සීනි, පැණි,වර්ණක මෙන් ම ලුණු දැමූ පොප් කෝන් පමණට වඩා ආහාරයට නොගැනීමට නම් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුය.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here