රස නහර පිනවන ලේයර්ඩ් ජෙලි පුඩිම

0
19


ලොකු කුඩා සැවොම රස කර කර කන ජෙලි වෙනස්ම විදිහකටම හදල බලන්න කැමතිද? ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි මෙම රසයත් පුඩිමට හැමෝම අනිවාර්යයෙන්ම කැමති වේවී.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ජෙලි පැකට් 1
  • උකු කිරි පොඩි ටින් 1
  • මාරි බිස්කට් පැකට් 1
  • බටර් 250 g
  • ජෙලටින් තේ හැදි 3
  • වැනිලා තේ හැදි 1
  • පලතුරු කැබලි ස්වල්පයක්

සාදන අයුරු:

පළමුවෙන්ම මාරි බිස්කට් ටික කුඩු කරගන්න. බටර් ටික දිය කර බිස්කට් කුඩු වලට දමා මිශ්‍ර කරන්න. ලස්සන වීදුරු බඳුනකට සකසා ගත් බේස් එක දමා හැන්දක් ආධාරයෙන් තදට අතුරා ගන්න. එය ශීතකරණයේ තබා සවි වෙන්නට හරින්න. ජෙලටින් ටික උණු ජලය කෝප්ප භාගයක දියකර උකු කිරි සහ වැනිලා සමඟ මිශ්‍ර කරගන්න. හොඳින් සවි වූ බිස්කට් බේස් එක මතට කිරි ලේයර් එක එක්කර තබා සවි වෙන්නට ශීතකරණයේ තබන්න. අනතුරුව ජෙලි පැකට් එකේ සඳහන් කර ඇති ජලය ප්‍රමාණයෙන් භාගයේ යොදා ජෙලි ලේයර් එක සාදා සවි වුණු උකු කිරි ලේයර් එක මතින් යොදා ශීතකරණයේ තබන්න. සවි වුණු පසු පලතුරු කැබලි යොදා සරසා ගන්න.

මෙය විවිධ හැඩ අනුව ලස්සනට කපා පිළි ගන්වන්නත් පුළුවන්. පහසුවෙන් සාදා ගත හැකි මෙම රසවත් අතුරු පස උත්සව අවස්ථාවක් රස ගන්වන්නට ඉතාමත් සුදුසුයි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here