රස ගුණ වැඩි කටු අනෝදා.

0
14


කටු අනෝදා කියන්නේ  සුවිශේෂී  පළතුරක්. මේ පළතුර සදහා  අද වෙළෙඳ පොළේ තිබෙන්නේ ඉතාමත් දැඩි ඉල්ලුමක්. ඊට හේතුව තමයි එහි ඇති අපූරු ඖෂධීය ගුණය. විශේෂයෙන්ම විදෙස් වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකේය කටු අනෝදා වලට තිබෙන්නේ දැඩි ඉල්ලුමක් .වාණිජ වගාවක් ලෙසට හෝ ඔබේ ගෙවත්තේ පලතුරක් ලෙසට කටු අනෝදා වගා කර ගැනීමෙන් ඔබට වාසි රැසක් අත් වෙනවා .

කටු අනෝදා කාබෝහයිඩ්‍රේට් , කැල්සියම් , මේදය, ප්‍රෝටීන්, ඛනිජ ලවණ , පොස්පරස්, අයඩීන්, රයිබොප්ලෙමින්, වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විතයි.මේ පෝෂණ සංඝටක අන්තර්ගත නිසාම එය සිරුරට මහත් ගුණ දෙනවා .

කටු අනෝදා පලතුරු ඉක්මවූ ඔසු ගුණයෙන් යුතු යුතු ආහාරයක් ලෙස සලකන්නට පුළුවන් .

කටු අනෝදා වලට පිළිකා නැසීමේ හැකියාවක් තිබෙන බව අද ප්‍රචලිත මතයක් . ඒ එහි අඩංගු annonacin  නිසාවෙන්.

මීට අමතරව රුධිරයේ සීනි මට්ටම පාලනය, වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග බොහොමයක් සුව කිරීම, සෙංගමාල රෝගයට ගුණ දායක වීම, රුධිර පීඩනය අඩු වීම, කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය වීම , විශාදය වැනි මානසික රෝග සමනය කිරීම  කටු අනෝදා නිසා සිදු වනවා .

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල කටු අනෝදා වලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

කටු අනෝදා බිජ නිතර විදේශ වෙළෙඳ පොළට අපනයනය කිරීම අද ප්‍රමුඛ ව්‍යාපාරයක්.

ඉතිං ,මෙතරම් ගුණ සහිත කටු අනෝදා වගාව වගාවක් ඔබේ කුඩා ගෙවත්තටත් එකතු කරගන්න පුළුවන් නම්  වෛද්‍යවරයා ඔබෙන් බොහෝ දුරස්ව සිටිනු ඇති.

– ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here