හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඊයේ (04) කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්විණි.
ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකාර අනිකා විජේසූරිය නමැත්තියගේ සාක්ෂි සටහන් කරගන්නා ලදී.
2016 වසරේ එවකට මුදල් අමාත්‍යවරයාව සිටිමින් අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගමක නමට ලබාගෙන තිබූ නිවසක පදිංචිව සිටීම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝෂියස්ට චෝදනා ගොනුකර තිබේ.
කොළඹ, කොල්ලුපිටිය “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” නිවසක මෙසේ හිටපු මුදල් අමාත්‍යවරයා පදිංචිව සිට ඇති අතර එය අර්ජුන් ඇලෝෂියස් අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන “වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝෂියේට්ස්” පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ එකක් බවත් අල්ලස් කොමිසමේ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු 09 වනදා යළි කැඳවීමට නියමිතය.

The post රවීට සහ ඇලෝෂියස්ට එරෙහි අල්ලස් නඩුව : අනිකාගේ සාක්ෂි විභාගයට ගැනේ appeared first on LNW Sinhala.
Saru News















