රම්පේ වලින් මේ තරම් රස කෑම බී​ම හදාගන්න පුළුවන් බව දැනගෙන හිටියද?

0
10


රම්පෙ කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ ලංකාවෙ අපේ හොද්දට, බතට නැතිවම බැරි ඖෂධීය රසකාරකයක්. ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් මේකෙන් වෙනස්ම කෑම වර්ග සහ බීම වර්ග හදනවා. ඉතින් හැමදාම හොද්දට දාන රම්පෙ කොළෙන් හදාගන්න පුළුවන් වෙන වෙන කෑම ටිකක් තමයි අද අපි ගෙනාවේ. ඔයාලා හිතන්නෙවත් නැතිවෙයි රම්පේ වලින් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා. එහෙනම් බලන්නකෝ. 

 

1. Pandan Drink 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පෙ කොළ 20ක් පමණ
  2. සීනි කෝප්ප 1/2
  3. වතුර ලීටර් 2ක්
  4. අයිස් කියුබ් කිහිපයක් 

 

  • රම්පෙ කොළ ටික සෝදලා දෙකට කපලා පෑන් එකට දාගන්න. මේකට වතුර දාලා හොඳට නටවන්න. 
  • තැම්බුණ රම්පේ කොළ ටික අයින් කරලා ඒ වතුර එකට සීනි දාලා  හැඳිගාන්න. පෙරලා නිවෙන්න තියන්න. 
  • ග්ලාස් එකකට අයිස්කැට දාලා මේ ඩ්‍රින්ක් එක දාලා බොන්න. 

 

2. Pandan Coconut Milk Agar – Agar Jelly

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පේ කොළ 20ක් පමණ
  2. බිත්තර 1
  3. පොල්කිරි කෝප්ප 1
  4. අගර් අගර් පව්ඩර් ග්‍රෑම් 10
  5. සීනි ග්‍රෑම් 150
  6. වතුර මි.ලී. 900

 

  • රම්පේ ටික සෝදලා පොඩි කෑලි වලට කඩලා බ්ලෙන්ඩර් එකට දාගන්න. වතුර පොඩ්ඩක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෙරලා යුෂ ටික ගන්න. 
  • බිත්තරය හොඳට විස්ක් කරගන්න. මේකට රම්පේ යුෂ ටිකත් එකතු කරගන්න. පොල්කිරි ටිකත් දාගෙන හොඳට කලවම් කරගන්න. 
  • වෙනම පෑන් එකකට අගර් අගර් පව්ඩර් ටික දාලා සීනි ටික දාගන්න. මේකට වතුර මි.ලි. 900 දාලා ලිපේ තියන්න. සීනි දියවෙලා වතුර නටනකොට ගින්දර අඩු කරන්න. 
  • රම්පෙ මිශ්‍රණය වතුර පෑන් එකටම දාලා හොඳට කලවම් කරගන්න. හොඳට නටවගන්න. තික් වෙනකල්  හැඳිගාලා ලිප ඔෆ්කරගන්න. 
  • බේකින් ට්‍රේ එකක් අරගෙන බටර් ගාලා මේ මිශ්‍රණය දාලා නොසොල්වා නිවෙන්න තියන්න. ඒක ඉබේටම සෙට්වෙනවා ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය නෑ. 
  • සෙට් වුණාට පස්සෙ පැය දෙකක් ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියන්න. දැන් මේක කෑලි කපාගන්න. ලේයර්ස් දෙකකට සෙට් වෙලා තියනවා බලාගන්න පුළුවන්. 

 

3. Pandan Cake

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පේ කොළ 20ක් පමණ
  2. බිත්තර කහමද 4
  3. කෝන් ඔයිල් කෝප්ප 1/4
  4. කිරි කෝප්ප 1/4
  5. පාන්පිටි කෝප්ප 1
  6. සීනි කෝප්ප 1/4
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1
  8. ලුණු පින්ච් එකක්
  9. බිත්තර සුදුමද 4
  10. ක්‍රීම් ඔෆ් ටාටාර්
  11. වෙනම සීනි කෝප්ප 1/2

 

  • රම්පේ සෝදලා පොඩියට කපලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මේක පෙරලා යුෂ ටික ගන්න. 
  • බෝල් එකකට බිත්තර කහමද දාලා ඔයිල් එක්ක විස්ක් කරගන්න. මේකට කිරි ටිකත් දාගන්න අන්තිමට රම්පේ යුෂ දාලා කලවම් කරගන්න. 
  • පාන්පිටි වලට සීනි කෝප්ප 1/4, බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න. මේකට සාදාගත් මිශ්‍රණය දාලා කැට නැතිවෙනකල් කලවම් කරන්න. 
  • බිත්තර සුදුමද 4 බෝල් එකකට දාලා ක්‍රීම් ඔෆ් ටාටාර් දාලා බීට් කරගන්න. මේකට සීනි කෝප්ප 1/2 ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. 
  • දැන් මේ මිශ්‍රණය ටික ටික කේක් බැටර් එකට එකතු කරන ගමන් ස්පැතූලා එකකින් පෙරලමින් කලවම් කරන්න. 
  • ඔයිල් පේපර් එකක් දාපු පෑන් එකකට මේ මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

4. Pandan Juice 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පේ කොළ 6-7ක්
  2. වතුර මිලි ලීටර් 100ක්
  3. සීනි තේ හැඳි 2
  4. ලුණු ස්වල්පයක් 

 

  • රම්පේ කොළ සෝදලා පොඩියට කපගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට යුෂ ටික පෙරලා අරන් සීනි හා ලුණු දාලා බොන්න. 

 

5. Pandan Pudding 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පෙ යුෂ තේ හැඳි 2
  2. පොල්කිරි ටින් එකක්
  3. වතුර මි.ලී. 200
  4. කෝන්ෆ්ලා මේස හැඳි 2
  5. මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්
  6. බිත්තර කහ මද 1
  7. ලුණු පින්ච් එකක්

 

  • පොල්කිරි ටික පෑන් එකකට දාලා බුබුළු දාන්න ගන්නකම් උණු කරගන්න.
  • වතුරට කෝන්ෆ්ලා සහ මඤ්ඤොක්කා පිටි එක්ක ලුණු එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ මිශ්‍රණය පොල්කිරි එකට දාගෙන විනාඩි 2ක් විතර ලිපේම තියලා කලවම් කරගන්න. 
  • ගින්දර අඩු කරගෙන බීට් කරගත්ත බිත්තර කහමදය එකතු කරන්න. දිගටම හැඳිගාමින් විනාඩි 3ක් විතර ලිපේ තියාගෙන ඒකට රම්පෙ ‍යුෂ එකතු කරන්න.
  • තප්පර 30ක් විතර ලිපේ තියලා ලිපෙන් බාලා බෝල් එකකට දාලා සෙට් වෙන්න තියන්න. කූල් කරලා කෑමට ගන්න.

 

6. Pandan Lemonade 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පේ කොළ 6-7ක්
  2. වතුර කෝප්ප 3
  3. කපාගත් ලෙමන් පෙති කිහිපයක් 
  4. ලෙමන් ගෙඩියක යුෂ
  5. අයිස්කැට කිහිපයක් 

 

  • රම්පේ ටික සෝදලා වතුර දාලා ලිපේ තියන්න. වතුර නටනකොට ලිපෙන් බාලා නිවුණම ෆ්‍රිජ් එකේ තියන්න. 
  • ග්ලාස් එකකට ලෙමන් යුෂ දාගන්න. මේකට ෆ්‍රිජ් එකේ තියපු රම්පේ වතුර වලින් කෝප්ප 1/2ක් වගේ දාලා අයිස්කැට දාගන්න. රම්පේ කොළ දෙකක් ග්ලාස් එක ඇතුළට දාලා දෙහි පෙති ගහලා පිළිගන්වන්න. 

 

7. Pandan Pancakes 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රම්පේ යුෂ කෝප්ප ½
  2. පාන්පිටි කෝප්ප 1
  3. කිරි කෝප්ප 1/4
  4. ලුණු ස්වල්පයක් 
  5. සීනි තේ හැඳි 1

 

  • මේ සියල්ලම දාලා කැට නැතිවෙනකල් විස්ක් කරගන්න. 
  • දැන් මේක පෑන් එකට දාලා දෙපැත්ත ෆ්‍රයි කරලා පෑන්කේක්ස් හදාගන්න. 
  • චොකලට් සෝස්, ජෑම් වගේ කැමති ටොපින් එකක් එක්ක කෑමට ගන්න පුළුවන්.

 

The post රම්පේ වලින් මේ තරම් රස කෑම බී​ම හදාගන්න පුළුවන් බව දැනගෙන හිටියද? appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here