රනිල්ගේ බලි බිලි වේ

0
5


ජාතික ජන බලවේගයට එරෙහිව පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ දියත් කළ කූට උපක්‍රම සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව වාර්තා වේ.

ඊයේ (15) කොළඹ අමාරි හෝටලයේ පවත්වන ලද සාකච්ඡාවට සහභාගී වූ කිසිවෙකුත් සාධනීය ප්‍රතිචාර නොදක්වා ඉවත්ව යෑමෙන් කුමන්ත්‍රණය කඩාකප්පල් වූ බව හෙළි වී තිබේ. පළමු සාකච්ඡා වටයට සජිත් ප්‍රේමදාසගේ විශේෂ නියෝජිතයා ලෙස නලීන් බණ්ඩාර සහභාගී වී තිබිණි. එහෙත් පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් වශයෙන් නම් කර තිබූ ඊයේ පවත්වන ලද සාකච්ඡාවට එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහභාගී නොවීය.

පසුගිය 14 වෙනිදා එම සාකච්ඡාවට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ස්ථාවරයට සම්පූර්ණයෙන් ම විරුද්ධව යමින් එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ද රනිල් වික්‍රමසිංහ සංවිධානය කළ සාකච්ඡාවට සහභාගී නොවීය.

මෙම තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන තිදෙනා ම දැඩි අර්බුදවලට මුහුණ දී ඇති බව දින දෙකක් තුළ තහවුරු වී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here