රන්සළු ” අත්යන්ත්‍ර සහ පේෂ කර්මාන්ත අලෙවි සල්පිල 4,5,6 BMICH හිදී

0
16


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ” රන්සළු ” ජාතික අත්යන්ත්‍ර සහ පේෂ කර්මාන්ත අලෙවි සල්පිල මෙවරත් අප්‍රේල් 4,5 සහ 6 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේදී පැවැත්වෙනවා .

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ලද අනර්ඝ තත්වයේ අත්යන්ත්‍ර සහ බතික් සාරි, කමීස, සරොන්, ගවුම්, ඇඳ ඇතිරිලි, අත්පිස්නා ඇතුළු කාන්තා, පිරිමි හා ළමා ඇඳුම් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි සඳහන් වන්නේ .

උදෑසන 9 සිට සිට රාත්‍රී 9 දක්වා විවෘතව තැබෙන මෙම අලෙවි සල්පිල, අලෙවි කුටි 50 කින් සමන්විත වන අතර ඇතුල්වීම සඳහා කිසිදු මුදලක් අය නොකරනු ලබන බවයි සඳහන් වන්නේ .

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here