රත්‍රං තොගයක් සමග 5ක් අත්අඩංගුවට – කොස්තාපල්වරයෙකුද ඇතුළත්

0
16


රත්‍රං150g ක් හා රුපියල් තුන් කෝටි විසි අට ලක්ෂ හතලිස් දහසක මුදල් ප්‍රමාණයක් සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවුන්දර නිලධාරීන් පිරිසක් රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරතව සිටියදී සැක කටයුතු මෝටර් රථයක් නතර කර එය පරීක්ෂා කළා.

එහි තිබී මෙම රත්‍රං හා මුදල් තොගය සොයා ගැනුණේ.

සැකකරුවන් අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනියුක්තිව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ලබා දුන් ප්‍රකාශ පරස්පර බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here