අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනිමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න් උණ්ඩයෙන් බෝම්බයෙන් බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා බවත් මේ වන විට රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවත් කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල්බිහි වි ඇති බවත් මිදුලේ, නිවසේ, වැඩබිමේ, මගමග, උසාවියේ පවා මිනිස් ඝාතන සිදුවන බවත් මැරවරයන් අද සමාජයේ පාලනය අතට ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ මාස කිහිපයට ඝාතන සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවත් පසුගිය කාලය හා සංසන්දනය කරන විට එය සාමානය තත්ත්වයක් බව රජය පවසන් බවත් ක්‍රමයේ වෙනසක් ඇති කර මාස 2න් පාතාලය විනාශ කරනවා කියූ රජය රටටම ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කිව්වත් දිනපතාම රටේ මිනිමැරුම් සිදුවන බවත් පාලකයාගේ වගකීම නොහැකියාවට හේතු දක්වන එක නොව මිනිසා ජීවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති ‘නාකන්දපුර’ උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දීය.
පාලකායට ජනතාව අතරට යන්න බැරි නම් විපක්ෂයේ අපිවත් ජනතාවගේ ගැටලු ගැන සොයා බැලිය යුතුයි
පාලකයා ජනතාව අතරට ගොස් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවත් ජංගම සේවා පැවැත්වීම විපක්ෂ නායකවරයා පමණක් නොව රටේ නායකයා සහ ආණ්ඩුව බවත් ඔවුන් විසදුම් එක්ක ජනතාව අතරට යා යුතු වුවත් වත්මන් රජය එසේ ජනතාව අතරට නොයන නිසා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දී ඇහුන්කම් දී ජනතාවගේ දුක කදුල වේදනාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී එම ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරිමට අද සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගමින් ගමන උදාගමින් උදාගමට උදා කළ ගම්මානයෙන් උදා කළ ගම්මානයට යන මේ ගමනේදී ජනතා ගැටලු හඳුනා ගෙන මෙම ගම්වල ජිවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවත් එහි දී මාර්ග පහසුකම් ගැටලු, කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු, වාරි පද්ධති ආශ්‍රිත ගැටලු, ප්‍රාථමික පාසලේ පවතින ගැටලු, ප්‍රාදේශීය රෝහල් ගැටලු ආදී ගැටලු 10ක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය මෙහි දී යොමු විය. මෙම උදා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන පාර්ලිමේන්තුවේ සහ රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කර ඒවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




Saru FM Media