Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රණවිරු සැමරුමට ඇවිත් ජනාධිපති හමුවීමට කලබල කළ පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් සපා කයි

රණවිරු සැමරුමට ඇවිත් ජනාධිපති හමුවීමට කලබල කළ පුද්ගලයෙක් පොලිස් නිලධාරීන් සපා කයි

0
3


police-officers-are-bitten-by-a-man-who-came-to-the-war-heroes-commemoration-and-disturbed-the-presidents-meeting

 ජාතික රණවිරු උත්සවයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය අතරතුර සැකකරු විසින් නුගේගොඩ දිස්ත්‍රික් 2 සහකාර පොලිස් අධිකාරි ලසිත රංග අභය වික්‍රම මහතා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සපා කෑමට ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිපැන්න, උතුම්ගම, දොඩම්පාපිටිය පාසල පාර පදිංචි මෙම සැකකරු, වයස අවුරුදු 10ක් පමණ වන දැරියක් සහ වයස අවුරුදු 8ක් පමණ වන පිරිමි දරුවෙකු සමඟ ජාතික රණවිරු උත්සවයේ පිවිසුම් ප්‍රධාන මාර්ගයේ රැඳී සිටි බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.


දරුවන් දෙදෙනා පාසල් නිල ඇඳුමෙන් සැරසී සිටි අතර, සැකකරු තම ඉඩමට අදාළව වැලිපැන්න පොලිසියට පැමිණිලි 65ක් පමණ යොමු කළත් සාධාරණයක් නොවූ බව සඳහන් කරමින් පෝස්ටරයක් ප්‍රදර්ශනය කරමින් සිට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කරන පොලිසිය, සැකකරු වැලිපැන්න පොලිසියෙන් සිදු වූ බව කියන අසාධාරණය සම්බන්ධව ජනාධිපතිතුමාට දැනුම් දීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා හමුවීමට ඉඩ නොදුන්නොත් දරුවන් දෙදෙනා සමඟ මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට පනින බවට පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවද සඳහන් කරයි.
පොලිසිය විසින් ඔහුට ජනාධිපතිවරයා හමුවීමට එදින ඉඩ ලබා දිය නොහැකි බවත්,


වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා තිබුණද, මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරී ඇත. පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු තවදුරටත් කලහකාරී ලෙස හැසිරී සහකාර පොලිස් අධිකාරිවරයාගේ සහ කොස්තාපල්වරයාගේ අත් සපා කෑමට ලක් කර ඇති බව තලංගම පොලිසිය පවසයි.
සැකකරු සමඟ සිටි කුඩා දරුවන් දෙදෙනා ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර මානසික වාර්තාවක් ලබා ගැනීමට උත්සාහ කළද, ඔහු ඊට විරෝධය පළ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරු සහ දරුවන් දෙදෙනා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here