රණවිරු උත්සවයට අනුර එද්දී කලබලයක්! තලංගම පොලිසිය දරුවන් දෙදෙනෙක් එක්ක තාත්තා කෙනෙක් අත්අඩංගුවට අරන්! Sri Lanka Latest News

0
4


රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි. Sri Lanka Latest News

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ වැලිපැන්න, දොඩම්පාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම සැකකරු සහ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී  එම පුද්ගලයාට කරුණු පැහැදිලි කරමින් සිටි නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අත සපකා ඇති බවද පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිසියෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳව රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඒ පිළිබඳව පැවසීමට අවශ්‍ය බව එම පුද්ගලයා පවසා ඇති අතර ඒ සඳහා වෙනත් දිනයක පැමිණෙන ලෙස දන්වා සිටියදී කලහකාරී  ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.

අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් මාර්ගයේ ගමන් කරන වාහනයකට දරුවන් දෙදෙනා සමග පනින බව පවසා කලබල කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here