‘රටම එකට’ දෛනික වැටලීම්වලින් තවත් 728ක් අත්අඩංගුවට

0
11

දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් ඊයේ (26) දින සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (27) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ ඒ බව දැක්වෙයි.  

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, වැටලීම් මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ අද දිනට අදාළ වාර්තාවට අනුව රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 09කි.

මෙහෙයුම මගින් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 498ක් සිදුකර ඇති අතර හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  767ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, පුනරුත්ථාපනය සඳහා එක් සැකකරුවෙකු යොමුකර ඇති බවද එහි සඳහන් ය.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here