රටපුරා විහිදුණු ඩයලොග්, රට වටේ ක්‍රිකට් පැලවලට දිය පොහොර යෙදීමේ සත් කාර්යය – ඩයලොග් බිග් මැච් සීසන්

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:

ඩයලොග් බිග් මැච් සීසන් යටතේ මහා තරග හයකට ඩයලොග් ආසියාටා පී.එල්.සී. ගෙන ඇති තීරණය අනුව ඩයලොග් ආසියාටා ප්‍රධාන කාර්යාලයේ දී එම මහා තරග හයට අනුග්‍රහය දැක්වීම සිඳු විය.අනාගත ක්‍රිකට් පිටියට අවශ්‍යය දැවන්ත දක්ෂතා වෘක්ෂයන් පැල කරන පාසල් ක්‍රිකට් තවානට දිය පොහොර යොදන අනුග්‍රහයක් වන මේ මැදිහත්වීම උතුරු කොණේ සිට දකුණටත් බස්නාහිරත් ආවරණය වන වයඹටත්,මධ්‍යම පළාතටත් විහිදුණු පුළුල් එකකි.

ලංකාවේ පාසල් ක්‍රිකට් මහා තරග අතර පැරණිතම තරගය වන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වන මහා තරගය කොළඹ එස්එස්සී පිටියේදී මාරතු 12 සිට 14 වන දක්වා පැවත්වෙන අතර මාර්තු 28 වන දා එම කණ්ඩායම් දෙක අතර එක්දින තරගය පැවත්වෙනු ඇත.මේ ඓතිහාසික නිල් මහා හටනට ඩයලොග් ශක්තිය සපයන 21 වැනි වතාවය.
කොළඹ ශාන්ත ජෝෂප් සහ ශාන්ත පීතර විද්‍යාල අතර පැවත්වෙන 92 වන ශාන්තුවරයන්ගේ සටනටද අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් ය. එහි 52 වැනි සීමිත පන්දුවාර තරගය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට ‍නියමිතය.

යාපනය ශාන්ත ප්‍රැට්ට්‍රික් මහා විද්‍යාලය සහ යාපනය මහා විද්‍යාලය අතර උතුරු රන් සටන ක්‍රියාත්මක වන්නේ වඩුක්කොඩෙයි ක්‍රීඩාංගණයේදී මාර්තු 12 සිට 14 වන දා දක්වාය.සීමිත පන්දුවාර තරගය එම ක්‍රීඩා පිටියේදීම මාර්තු 21 වන දා පැවත්වන්නේය.
‘ඩයලොග් බිග් මැච් සීසන්’ කන්ද උඩරටට ගෙනයන, කිංගස්වුඩ් විදුහල සහ ධර්මරාජ විදුහල අතර වන 119 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය, මාර්තු 21 සිට 23 දක්වා පැවැත්වෙන අතර, එහි එක්දින තරගය පැවැත්වෙන්නේ මාර්තු 28 වැනිදා අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ය.
මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 74 වැනි බස්නාහිර පළාතේ රන් සටන, මාර්තු 27 සිට 29 දක්වා ද අනතුරුව අප්‍රේල් 5 වැනි දින පැවැත්වෙන එහි සීමිත පන්දුවාර තරගය සඳහාද ඩයලොග් ආසිආටා පීඑල්සී අනුග්‍රහය දක්වයි.

මෙයට අමතරව, මාර්තු 20 සිට 22 දක්වා වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 42 වැනි ඇතුලගල්පුර සටන ද, මාර්තු 29 වැනිදාට යෙදී ඇති එහි සීමිත පන්දුවාර තරගයද ඩයලොග් විසින් බලගන්වනු ලබයි.
රටපුරා ආවරණය වන සංනිවේදන ජාලයක අභිමානය සහිත ව්‍යාපාරික ව්‍යහුයක් හැටියට,ස්වීය විද්‍යුත් මාධ්‍ය භාවිතාවේ පෙළහර බවට පත් කරගෙන සිටින පැපරේ හරහා මේ මහා තරග ප්‍රේක්ෂක ආස්වාදයට විවෘත කිරීමේ වෙහෙසකද නිරත වෙන ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගම උත්සාහ දරමින් සිටියි.

රටපුරා ජන හදවතට සමීප සංනිවේදන හවුල්කරුවෙකු වීමේ ගෞරවයට කෘතවේදී වීම රටුපුරා විහිදුණු විවිධ ක්‍රීඩාවන් හී දක්ෂයන්ගේ ශක්තියට රුකුලක් වෙමින් පෙන්වන ඩයලොග් ඒ අරුතෙන්ම අනාගත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් වන ක්‍රිකට් අස්වැන්න නෙලා දීමට වැය කිරීම ද අගනා කටයුත්තකි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here