රට ආර්ථික වශයෙන් ගොඩනැගීම ක්‍රමානුකූලව ආරම්භ කරලා තිබෙනවා – ඇමති නලින්ද

0
13


රට ආර්ථික වශයෙන් ගොඩනැගීම ක්‍රමානුකූලව ආරම්භ කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කෙටි කාලයක් තුළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික ජනබලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ තවත් ජන හමුවක් පානදුර නගරයේදී පැවැත්වුණා.

මෙම ජන හමුවට පානදුර නගර සභාවේ අපේක්ෂක අපේක්ෂිකාවන් ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් සහභාගී වුණා.

නිලන්ති කොට්ටහච්චි ,චන්දිම හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ද මෙම ජන හමුවට එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here