රජීව් ගාන්ධි ගුවනින් පරිප්පු දැම්මාට වඩා එහා ගිය කතාවක්

0
17


ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධිගේ පාලන සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන් ම, එම සබඳතාවල ප්‍රතිවිපාක සම්බන්ධයෙන් විමර්ශනාත්මක සටහනක් බීබීසී සිංහල ඩෙබ් අඩවිය තබා තිබේ.

එම සම්පූර්ණ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

ඉන්දියාවේ 8 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රජීව් ගාන්ධි පිළිබඳව මෙරට ජනතාවට ඇත්තේ, සමීප මතකයකි. ඒ, ඔහු ඉන්දියාවේ අගමැති ධූරය දැරූ සමයේදී මෙරට තුළ සිදු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයකට ම ඔහුගේ ද ඍජු මැදිහත්වීමක් සිදුවීම හේතුවෙනි.

1987 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිට මුහුණ දීමට සිදුවූයේ කිසිදු රාජ්‍ය නායකයෙකු බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිදුවීමකට ය.

1947 වසරේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට බිහි වූ පළමු අගමැතිවරයා වන ශ්‍රී ජවහර්ලාල් නේරුගෙන් ආරම්භ වූ ඉන්දීය දේශපාලන ගමන් මග තුළ නේරු – ගාන්ධි පවුලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ජවහර්ලාල් නේරුගේ දියණිය වූ ඉන්ධිරා, එරට තවත් ප්‍රබල දේශපාලන පවුලක් වන ගාන්ධි පවුලේ සාමාජිකයෙකු වන ෆෙරෝස් ගාන්ධි සමග 1942 වසරේදී විවාහ විය. විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ පවුලට රජීව් සහ සංජේ යනුවෙන් පුතුන් දෙදෙනෙක් එක්වූහ.

ඔවුන් දෙදෙනා අතරින් වැඩිමහල් දරුවා වන රජීව් ගාන්ධි 1944 අගෝස්තු මස 20 වන දා මුම්බායිහිදී උපත ලැබූ අතර, ඉන්දියාවට නිදහස හිමි වන විට රජීව් ගාන්ධිගේ වයස අවුරුදු 3කි.

තම බාල සහෝදරයා වන සංජේට වැඩි සමීපබවක් දැක්වූ රජීව් ගාන්ධි වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යය බලා ගිය අතර, ඔහු එහිදී ලන්ඩන්හි ඉම්පීරියල් විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු විෂය හැදෑරීය.

විශ්වවිද්‍යාලයේදී හමුවූ ඉතාලි ජාතික තරුණියක වන සෝනියා මයිනෝ සමග රජීව් ගාන්ධි 1968 වසරේදී විවාහ වූ අතර ඔවුන් දෙපළ රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි යනුවෙන් දරුවන් දෙදෙනකු ලැබූහ.

දේශපාලනයට සම්බන්ධ නොවූ රජීව් ගාන්ධි ගුවන් නියමුවෙකු ලෙස එයාර් ඉන්ඩියා ගුවන් සේවයට එක්විය.

1966 වසරේදී පළමු වරට ඉන්දියාවේ අගමැති ධූරයට පත්වූ ඉන්ධිරා ගාන්ධි නැවත වරක් 1980 දී අගමැති ධූරයට පත්වූ අතර එම වසරේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් අගමැතිවරියගේ බාල පුත්‍රයා වන සංජේ ගාන්ධි ජිවිතක්ෂයට පත්විය.

සංජේ ගාන්ධිගේ වියෝවෙන් අනතුරුව තම මව වූ ඉන්ධිරා ගාන්ධිගේ දේශපාලන කටයුතු සඳහා සහය වීමේ වගකීම පැවරීම හේතුවෙන් දේශපාලන කරළියට පය තැබූ රජීව් ගාන්ධි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට ඉන් ජයග්‍රහණය කර දේශපාලනයට එක්විය.

මේ අතර, 1984 වසරේ ඔක්තෝබර් මස 31 වන දා ඉන්දිරා ගාන්ධි සිය ආරක්ෂක නිලධාරියෙකුගේ අතින් ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ නිල නිවාසය තුළදී ය.

සිය මවගේ මරණයෙන් පසුව රජීව් ගාන්ධි ඉන්දියාවේ 8 වන අගමැතිවරයා ලෙස පත් වූයේ එරට ඉතිහාසයේ ළාබාලතම අගමැතිවරයා බවට පත්වෙමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක් විය.

රජීව් ගාන්ධි ඉන්දියාවේ අගමැති ධූරයට පත්වන විට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් ‘වෙන ම නිජබිමක්’ යන සංකල්පය මත සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබිණි.

මෙම අරගලයට අවශ්‍ය ආයුධ සහ අවි පුහුණුව උතුරේ වෙසෙන දෙමළ තරුණයන්ට ඉන්දියාවෙන් හිමි වන බවට ද එකල විශාල ප්‍රචාරයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here