රටේ පුරවැසියන්ගේ ආගමික පැවැත්ම බොඳ කර දැමීම හෝ ඒ උරුමයට ප්රතිවිරුද්ධ දේ කිරීම සහ ධාර්මික බව දුර්වල කරන අයුරින් කටයුතු කිරීම අප රටට කිසි සේත්ම නොගැළපෙන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් කියා සිටී.
මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් මේ පිළිබද කියා සිටියේ එතුමන්ගේ ප්රධානත්වයෙන් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්තානයයේ අද (04) උදෑසන පැවති නිදහස් දින උදෑසන දේව මෙහෙයට එක්වෙමිනි.
”නොබෝදා සිට රට පාලනය කරන අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් ගැන දක්වන ප්රතිචාරය සහ රටේ පොදු ප්රශ්නවලදී ඔවුන්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති අය ලෙසින් සැලකීමේ තත්ත්වය තියුණු වෙමින් තිබෙන බව පෙනේ, එලෙසම රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක්කරමින් කරන ප්රකාශ අප විසින් මෙහිදී හෙළා දැකිය යුතු වේ.” යැයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පවසා සිටියා.
Saru News










