හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ තිබී රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.
ඊයේ (23) ශ්‍රී ලංකා යුද හමුදාව බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ගංජා තොගය සොයාගෙන ඇත.
මෙම වැටලීම සඳහා හල්දුම්මුල්ල පොලීසිය, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදුකර ඇති බව යුද හමුදාව පවසයි.
එහිදී ගෝනි කර විකිණීමට සකස්කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 140ක ප්‍රමාණයක් සෙයාගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 1.5කට ආසන්න බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු හල්දුම්මුල්ල පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.
Saru News
















